AC එකේ ඉන්න ඔබ මේ ලිපිය නොවරදවාම කියවන්න
Friday, 01 March 2019 - 10:08 | Views - 1,970

බොහෝ දෙනෙක් වායු සමීකරණය කරපු පරිසරයක ඉන්න ගොඩක් කැමතියි. මක්නිසාද යත් ඉන් ශරීරයට ඇතිවන සැප පහසු බව නිසා. නමුත් නමුත් ඔබත් වායු සමීකරණය කරපු පරිසරයක නිරන්තරයෙන්ම ගැවසෙන කෙනෙක් නම් මේ ලිපිය අනිවාර්යෙන් කියවිය යුතුමයි. මේ තියෙන්නේ ඉන් ඇතිවන ප්‍රතිවිපාක කිහිපයක්.
ශරීරය විජලනය වීම.
වායු සමීකරණ කරන ලද කාමරයක දිගු වෙලාවක් සිටීම නිසා ඔබගේ ශරීරයේ විජලන තත්වයන් ඇති විය හැකිය. වායු සමීකරණ නිසා පරිසරය අධිකව සිතල නිසා ඔබට ජලය පානය කිරීම අතපසු වෙන්නට පුළුවන්. මේ නිසා ඔබගේ ශරීරය විජලනය වීම සිදු විය හැකිය.
හිසේ කැක්කුම්.
ඔබගේ වායු සමීකරණ යන්ත්‍ර නිසි පරිදි නඩත්තු නොකරයි නම් ඒ තුල සිටින පුද්ගලයන්ට හිසේ කැක්කුම් ඇති විය හැකිය. මේයට හේතුව ශරිරයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබී යාමයි.
සම වියලීම.
දිගු වෙලාවක් වායු සමීකරණය කරන ලද පරිසරයක සිටීමෙන් ඔබගේ සම වියලි තත්වයට පත් වේ. වායු සමීකරණ යන්ත්‍ර මගී අවට පරිසරයේ පමණක් නොව ඔබගේ සමේ ඇති තෙත්මනයද උරා ගැනීම මෙයට හේතුවයි.
ආසාත්මිකතා.
ඔබගේ වායු සමීකරණ යන්ත්‍ර නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන් සම රතු වීම, සම ඉදිමීම, මෙන්ම දැවිල්ල සහ කසන සුළු තත්වයන්ද ඇති විය හැකිය.
දෙනෙත් වල විඩාව ඇති කරවයි.
වායු සමීකරණ යන්ත්‍ර නිසා පරිසරයේ වියලි බව වර්ධනය වන අතර එමගින් දෙනෙත් වල තෙහෙට්ටු ගතියද වර්ධනය වේ. වායු සමීකරණ යන්ත්‍ර මේ සදහා ප්‍රධාන හේතුවක් නොවුනත් වැඩි කාලයක් වායු සමීකරණය කරන ලද ස්ථානයක සිටීමෙන් මෙවැනි තත්වයක් ඇති විය
හැකිය.
තෙහෙට්ටු ගතිය.
වායු සමීකරණය කරන ලද කාර්යාල වල වැඩ කරන බොහෝ පුද්ගලයන්ට තෙහෙට්ටුව සහ හිසරදය බොහෝ විට ඇති වේ. ස්වසන රෝග සහ සෙම් රෝග ද වායු සමීකරණ ආශ්‍රිතව සේවය කරන බොහෝ පුද්ගලයන් සතු ප්‍රධාන ගැටළු වේ.
Share This Article