බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබූ පළාත් සභා මන්ත්‍රී "රත්තරන්" ඇප ලැබීමෙන් පසු කී කතාව
Friday, 01 March 2019 - 9:34 | Views - 1,975
අක්මීමන, බටදූව ප්‍රදේශයේ පිහිටි ක්‍රිශාන්ත පුෂ්පකුමාරට අයත් දේවාලයකදී පසුගිය 23 වැනිදා 16 හැවිරිදි දැරියකට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
 
ඉන් චෝදනා එල්ල වුණේ දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංටයි.
 
නීතීඥයකු මාර්ගයෙන් අද උදෑසන අක්මීමන පොලිසියට භාරවූ මන්ත්‍රීවරයා එහිදී අත්අඩංගුවට ගැණුනා.

අධිකරණයට රැගෙන යන අතරතුර ඔහු මාධ්‍යවේදීන්ට හමුවේ අදහස් දැක්වුවේ මේ අයුරිනුයි.
 
"මාධ්‍ය හරි දේ වාර්තා කරන්න ඕන. මොකද මාධ්‍යයට මගේ කට වහන්න බැහැ මෙහෙම. ඔයවගේ දේවල් කළා කියලා කට වහන්න බෑ. අද මට අසාධාරණය කරනවා වගේම හෙට මට නිවැරදි දේත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන මාධ්‍යය."
 
අනතුරුව සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරීමටයි.
 
අදාල නඩුව අප්‍රේල් 30 වනදා යළි කැඳවීමට නියමිතයි.
 
ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයා පසුව මාධ්‍යයට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
 
"බොහොම ස්තූතියි හැමෝටම. බොහොම ස්තූතියි මේ කරුණු වාර්තා කළාට. සාධාරණය ඉෂ්ට වෙනවා කියලා විශ්වාස කරනවා."
 
අනතුරුව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.

Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top