ඔබටත් දරුඵල ප්‍රමාද වෙනවද? එහෙනම් මේ ලිපිය කියවන්න
Tuesday, 26 February 2019 - 11:08 | Views - 2,727
විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තු වන යුවළකට දරු ඵල පමාවන විට ඇතිවන හැඟීම් සෘණාත්මකය. අපට දරුවන් නොලැබේවිද?

අප මඳ සරු බවින් පෙළෙනවාද? ආදි සිත සසල කරවන සිතුවිලි පහළ වේ.

වෛද්‍යතුමියනි, දරු සම්පතක්‌ ලබාගැනීම සඳහා ආයුර්වේදයේ ඇති වත් පිළිවෙත් මොනවාද?

දරු සම්පතක්‌ ලබා ගැනීමට විවාහක යුවළක්‌ සම්පූර්ණ කළ යුතු කරුණු 04 ක්‌ පිළිබඳව ආයුර්වේදයේ දක්‌වා තිබෙනවා.

සරු කාලයේ දී සම්බන්ධවීම, නිරෝගී ප්‍රජනන පද්ධතියක්‌ පැවතීම, හෝමෝන සමතුලිත බව සහ ඉතා සරු බීජ ඇති කර ගැනීම යන කරුණු සම්පූර්ණ නම් දරු සම්පතක්‌ ලබාගත හැකිය.

සරු කාලයේ සම්බන්ධවීම

සරු කාලය යනු කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් නිරෝගී ඩිම්බයක්‌ පිටවන අවස්‌ථාව සහ පිරිමියකුගේ සක්‍රීය ශුක්‍රානුවක්‌ කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුළුවීමය.

කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක්‌ පිටවන්නේ ඇයගේ ඊළඟ ඔසප්වීම සිදුවීමට දින 14 කට පෙරය.

ඒ අනුව කාන්තාවක්‌ තම ඔසප්වීම සිදුවන දින සිට දින 14 ක්‌ ආපස්‌සට ගණන් කර එම දිනයේ දී තම සැමියා සමඟ ලිංගිකව එකතුවීම කළ යුතුය.

ඩිම්බ කෝෂයෙන් පිටවූ ඩිම්බයක්‌ ජීවී කාලය පැය 24 කි.

පිරිමියකුගේ ශිෂ්ණයෙන් කාන්තාවගේ යෝනි මාර්ගයට පිටවන ශුක්‍රාණුව යෝනි මාර්ගය තුළ පැය 48 ක්‌ සජීවීව පවතී.

එනිසා දරුවන් බලාපොරොත්තුව එක්‌වීමේදී දින දෙකකට වරක්‌ එක්‌වීම ප්‍රමාණවත්ය.

නිරෝගී ප්‍රජනන පද්ධතිය

කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය යෝනි මාර්ගය, ගර්භාෂය, පැලෝපීය නාළ සහ ඩිම්බ කෝෂ යන කොටස්‌වලින් සකස්‌ වී ඇත.

එනිසා මෙම කොටස්‌හි කිසියම් රෝගාබාධයක්‌ හටගෙන ඇත්නම් දරු කළලයක්‌ නිපදවීමට බාධා මතුවේ.

පිරිමියකුගේ ප්‍රජනන පද්ධතිය වෘෂණ කෝෂ සහ ශිෂ්ණය ලෙසින් ප්‍රධාන කොටස්‌ දෙකකි.

කාන්තාවගේ යෝනි මාර්ගයට ශුක්‍රානුවක්‌ පිටවීමට තරම් ප්‍රමාණවත් ශිෂ්ණයක්‌ සෑම පිරිමියකුටම පාහේ හිමිව ඇත.

එහි අසාමාන්‍ය බවක්‌ ඇති වන්නේ ඉතා කලාතුරකිනි. වැදගත් වන්නේ ශිෂ්ණයේ ප්‍රමාණය නොව පිටවන නිරෝගී ශුක්‍රානුවය. එය හිස, කඳ සහ වලිගයකින් යුක්‌තව යෝනි මාර්ගය තුළ සක්‍රීයව පිහිනා යැමේ හැකියාව තිබිය යුතුය.

හෝමෝන සමතුලිත බව

child1කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් නිරෝගී ඩිම්බයක්‌ නිපදවීමට ඇයගේ ඩිම්බ කෝෂයෙන් නිපදවන ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජෙස්‌ටරෝන් යන හෝමොන් සහ පිටියුටරි ග්‍රන්ථයෙන් නිපදවන එෆ්.එස්‌.එච්. (F.S.H.) එල්.එච්. (L.H.) සහ ප්‍රොලැක්‌ටින් යන හෝමෝනවල සමතුලිත බව තිබිය යුතුය.

පිරිමියකුගේ නිරෝගී ශුක්‍රානු නිපදවීම සඳහා වෘෂණ කෝෂවලින් නිපදවන ටෙස්‌ටොස්‌ටෙරොන් සහ ඇන්ෙඩ්‍රාජන් හෝමෝනවලත් පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන එෆ්.එස්‌.එච්. (F.S.H.), එල්.එච්. (L.H.) සහ ප්‍රොලැක්‌ටින් යන හෝමෝනවලත් සමතුලිත බව තිබිය යුතුය.

ඉතා සරු බීජ නිපදවීම

දරු කළලයක්‌ හටගැනීම සඳහා අවශ්‍ය නිරෝගී බීජ හෙවත් ඉතා සරු බිජ නිපදවා ගැනීම සඳහා හොමෝන සමතුලිත බව අත්‍යවශ්‍යය. ඒ සඳහා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීම, කායික සහ මානසික නිරෝගී බව පැවතීම ඉතා වැදගත්ය.

කෙසේ වෙතත් දරු සම්පතක්‌ බිහිකර ගැනීම සඳහා ආයුර්වේදයට අනුව ඩිම්බයක්‌ සහ ශුක්‍රාණුවක්‌ පමණක්‌ ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත. ඒ සඳහා ජීවයක්‌ද (විඤ්Æණයක්‌) තිබිය යුතුය. එම ජීවය ඇති වන්නේ සංසාර පුරුදුවලිනි.

වෛද්‍යතුමියනි, ඔබ පැවසූ අයුරින් දරු සම්පතක්‌ ලබා ගැනීමට අවශ්‍ය කරුණු 04 සම්පූර්ණ තිබියදීත් දරු සම්පත් ප්‍රමාද නම් ඒ සඳහා බලපාන හේතු මොනවාද?

නවීන වෛද්‍ය විද්‍යාව අනුව විවාහක යුවළක්‌ දරු සම්පතක්‌ බලාපොරොත්තුවෙන් කිසිදු උපත් පාලන ක්‍රමයක්‌ භාවිතයෙන් තොරව ලිංගිකව එක්‌ව වසරක කාලයක්‌ යන තුරුත් දරු සම්පතක්‌ අහිමි නම් එය මඳසරු බව ලෙස හඳුන්වනු ලබනවා.

එම මඳ සරු බවට හේතුව ඔවුන් සරු කාලයේ එක්‌ නොවීම, ප්‍රජනන පද්ධතියේ සහ ඩිම්බ හෝ ශුක්‍රාණුවල දුර්වලතාවයක්‌ හෝමෝන අසමතුලිතතාවක්‌ විය හැකියි.

එය නිසි වෛද්‍ය පරීක්‍ෂාවකින් පසු පවතින ගැටලුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සරු බව ඇතිකර ගත හැකියි.

ඒ සඳහා සැත්කම්වලින් තොරව ඖෂධ මගින් සහ ස්‌ථානීය ප්‍රතිකාර මගින් පවතින දුර්වලතා නැතිකළ හැකියි. එය ආයුර්වේදයේ පවතින සුවිශේෂී ලක්‍ෂණයකි.

වර්තමානයේ බොහෝ විවාහක අඹුසැමියනට දරුඵල පමාවීමට බොහෝ සේ බලපා ඇත්තේ ඔවුන් සරු කාලයේ දී එක්‌ නොවීමය. වෙනත් කායික රෝග පවතින්නේ අවම වශයෙනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top