කාන්තාවන් රෝගී කරන High Heels
Wednesday, 07 June 2017 - 13:37 | Views - 11,196
සමහර කාන්තාවන්ගේ මුහුණ දිහා නොව බැලෙන්නේ දෙපා දෙසයි.
එක් නහරයක්වත් නොපෑදුණු දෙපා දෙසට කෙනකුගේ නෙත් ඇදී යන්නේ වරක් දෙවරක් නොවේ.
සුන්දර මුහුණක් තිබුණත් ඇයට ඇත්තේ නහර පිරුණු අවලස්සන දෙපා නම් කවුරුන්වත් එක් වරක්වත් බලන්නේ නැහැ.
නාරි ලාලිත්‍යයට එපමණටම දෙපා සුන්දරත්වය බලපානවා.


පාදයේ නහර තෙරපෙන ආකාරයට පාවහන් පැලඳීම නිසා අවලස්සන පාද ඇතිව විඳවන අය ඕනෑ තරම් දැකගන්න පුළුවන්.
පාද පමණක් නොව ඉන් මුළු සිරුරම විඳවනවා.
උස් පාවහන් නිසා සිරුර ඉදිරියට නැඹුරු වෙනවා මෙන්ම පපුව ඉදිරියට තෙරපෙනවා.

කොන්දෙන් ඉදිරියට තල්ලු වෙන නිසා කොන්දෙත් උකුළෙත් රේඛීය බව නැති වෙනවා.
දණහිස්වලට වැඩි පීඩනයක් එල්ල  වෙන නිසා එමඟින් අපේ ගමන පවා විකෘති වෙනවා.

අපේ කොන්ද  S හැඩැති ආකාරයෙන් පිහිටා තිබීම නිසා ඇවිදීමේදී, සිට ගැනීමේදී, ඉඳ ගැනීමේදී මේ පීඩනය දරා ගැනීමේ හැකියාව අත්‍යවශ්‍යයයි.

පාවහන්වල අඩිය උස තරමට ඇතිවන පීඩනය ද වැඩියි.
අඩිය අඟල් 1 ක් උස නම් එල්ලවන පීඩනය 22% පමණ වෙනවා.
අඟල් 2 ක් උස නම් සිරුරට  75% ක පීඩනයක් එල්ල වෙනවා.
අඟල් 3 ට වැඩි නම් 76%  පීඩනයක් එල්ල වෙනවා.

උස වැඩිවන තරමට සිරුරට එල්ලවන පීඩනය ද ක්‍රමයෙන් වැඩිවෙනවා.

මේ පීඩනය යම් තරමකට හෝ අඩුකර ගන්නනම් දිගු වේලාවක් අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එපා.
පාවහන් පැළඳීමට පෙර සහ පසු පාදවලට දිගැදීමේ ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

පාවහන් මිලදී ගැනිමේදී සැඳෑ කාලයේදී මිලදී ගන්න ඕන.මොකද පාද උපරිමව විශාලව ඇත්තේ සවස් කාලයේ නිසයි.
ඇඟිලි දිශාවට වන්නට උල් වූ ස්වරූපයක් ගන්නා පාවහන් මිලදී නොගන්න.
එකම මෝස්තරයෙන් නැති විවිධ මෝස්තරවලින් යුතු පාවහන් මිලදී ගන්න.

පාවහන්වලට තෙරපෙන පාදවල තරල එකතු වී පාද ඉදිමෙයි.
වැරැදි පාවහන් දමාගෙන දිගු වේලාවක් සිටගෙන සිටීම, ඇවිදීම දෙකම 'වෙරිකෝස් වේන්ස් 'හෙවත් නහර ඉදිමීමට බලපානවා.

නහර කළු, දම්, නිල්වීම, ඒවා ඇඹරී එක පොකුරක් වගේ දකින්න තිබීම, දැඩි වේදනාවක්, බර ගතියක් දැනීම, කෙණ්ඩා පෙරළීම, දිගු වේලා ඉඳගෙන හෝ සිටගෙන සිටීමෙන් පසු දැඩි වේදනාවක් දැනීම, නහර වටා කැසීම, නහරවලින් රුධිරය ගැලීම, නහර ආශ්‍රිත සම දුර්වර්ණ වීම, නහර ඝන වීම, ප්‍රදාහයට පත්වීම වැනි අපහසුතාවලින් වන්දි ගෙවීමට සිදු වන්නේ වැරැදි ඉරියව්, වැරැදි පාවහන් නිසා වීමට පුළුවන්.

තවත් හේතු ද මේ කෙරෙහි බලපානවා.

කෙනකු වියපත් වනවිට නහරවල ඇදෙන සුලු බව අඩුවෙනවා.
නහරවල කපාට දුර්වල වෙනවා. ගැබිනිවීම ද ඇතැම් විට මෙවැනි තත්ත්වයකට බලපා හැකියි.
ගර්භණී වු විට රුධිරයේ ධාරිතාව වැඩි වෙනවා.

කාන්තාවන් අඩි උස පාවහන් පලඳිනවා සේම වැඩි අවධානමක් ඇත්තේ ද කාන්තාවන්ටමයි.

ගර්භණීය කාලයේදී ආර්තවයට පෙර වගේම ආර්තවහරණයට පසුව ද සිදුවන හෝර්මෝන පෙරළිය කාන්තාවන්ටම පමණක් ආවේණික වීම මීට හේතුවයි.

පවුලේ ඉතිහාසය, තරබාරු බව ද මීට වගකිව යුතු අනෙක් කාරණායි.
නිසි ප්‍රතිකාර නොලැබුණොත් නහර තුවාලවීමට, රුධිරය කැටි ගැසීමට, රුධිර වහනයට මඟ පාදනවා.

පිරිමින්ට වඩා කාන්තාවන් හතර වරක් පාද පිළිබඳ ගැටලුවලට ගොදුරු වෙනවා. ඒ වැරැදි පාවහන් නිසයි.

කාන්තාවක ගතෙහි සියුමැලි බව ගැන වගේම පාදයේ සියුමැලි බව ගැන ද අවබෝධයෙන් සිටිය යුතුයි.
පාදයක අස්ථි 26 ක්, සන්ධි 33 කට වඩා පවතිනවා. දහදිය ග්‍රන්ථි 250,000 කට වඩා පවතිනවා.

කොන්ද කැක්කුමට, ස්නායුවලට හානිවීමට, උගුරේ ස්වර තන්තුවලට හානි වීමට, දණහිස් වේදනාවට, කර ගැට සෑදීමට, මාංසපේශීන් දුර්වලවීමට, පාද ඇදවීමට, සියල්ලටම හේතු වන්නේ අඩු උස හෝ තිබෙන උස වැඩිකර පෙන්වීමට අප පලඳින වැරැදි පාවහන්.

- උපුටා ගැනීම අන්තරජාලයෙන්  -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top