අඳුරු පැහැවු තොල් ගෙදරදීම ස්වභාවික ලෙස පැහැපත් කරගන්න විසඳුම්
Wednesday, 07 June 2017 - 12:26 | Views - 15,995

සෑම කාන්තාවක් මෙන්ම පිරිමින්ද කැමති පැහැපත් දෙතොලකට හිමිකම් කියන්න. නමුත් සමහර අයට උපතින්ම හිමිවන තොල් අඳුරු පැහැයෙන් යුක්ත වෙනවා. ඒ වගේම සමහර පුරුදු නිසා තොල් අඳුරු පැහැයට පත්වෙනවා. ඒ තමයි දුම්පානය, සූර්යයා නිරාවරණය, පාරජම්බුල කිරණ, අසාත්මිකතා, ඕනෑවට වඩා කැෆෙන් අඩංගු දියර පානය, හෝමෝන අසමතුලිතතා සහ වයස වැනිදේ වේ.
මේ ලිපියෙන් කියවෙන්නේ ඔබේ නිවසේදීම ස්වභාවික ලෙස තොල් පැහැපත් කරගත හැකි විසඳුම් කිහිපයකි.
01. කිරි තේ හැන්දකට කහ කුඩු තේ හැන්දක් මිශ්‍ර කර ඝන පාප්ප ලෙස සකස් කරන්න. ඔබගේ තොල් පුරා මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 2කට පසු ඔබගේ දත් බුරුසුවෙන් මෘදු ලෙස එම මිශ්‍රණය තිබියදීම රවුමට සැහැල්ලූ ලෙස විනාඩියක් පමණ කරකවන්න. පසුව සෝදා හරින්න . එහිදී මැරුණු සෛල ඉවත්වී සුන්දර තොල් ලබා ගැනීමට හැකිවේ පසුව ලිප් බාම් එකක් ගන්න. සතියකට දින දෙකක් තුනක් මෙම ස්වභාවික ක්‍රමය කරන්න.
02. බටර් හැඳි දෙකක් සමග සීනි කුඩු හැඳි තුනක් මිශ්‍ර කර ඝන පාප්ප ලෙස සකස් කරන්න. ඔබගේ තොල් පුරා මෙම මිශ්‍රණය ආලේප කර ඇගිලි තුඩු වලින් රවුමට සැහැල්ලූ ලෙස විනාඩියක් පමණ කරකවන්න. එහිදී මැරුණු සෛල ඉවත්වී සුන්දර තොල් ලබා ගැනීමට හැකිවේ. සතියකට දින දෙකක් තුනක් මෙම ස්වභාවික ක්‍රමය කරන්න.
03. මී පැණි කියන්නේ තවත් ස්වභාවික විදියට ගෙදරදීම අදුරු තොල් වලට එළියක් වගේම සුමුදු බවක් ගෙනදෙන්න පුළුවන් ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. සැම රාත්‍රියකම මී පැණි ඔබගේ තොල් මත අලේප කර එලි වෙනකම් රාත්‍රිය පුරාවට තිඛෙන්න හරින්න. මෙය සැම රාත්‍රියකම කිරීමෙන් දුරු තොල් වලට එළියක් වගේම සුමුදු බවක් ගෙනදෙන්න පුළුවන් විශ්මිත පහසු ප්‍රතිකාරයක්.
04. ඔලිව් කියන්නේ වැදගත් ඛණිජ ලවණ, විටමින් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් අඩංගු දෙයක් සැම රාත්‍රියකම ඔලිව්තෙල් ඔබගේ තොල් මත අලේප කර එලි වෙනකම් රාත්‍රිය පුරාවට තිඛෙන්න හරින්න. මෙය සැම රාත්‍රියකම කිරීමෙන් දුරු තොල් වලට එළියක් වගේම සුමුදු බවක් ගෙනදෙන්න පුළුවන් ප්‍රතිකාරයක්.
05. අඳුරු තොල් සැහැල්ලූ කරන්න ඵලදායී ස්වාභාවික දෙයකි ලෙමන් යුෂ: ලෙමන් එහි ස්වභාවික විරංජනය ගුණ සඳහා ප්‍රසිද්ධ කර ඇත. ඒ නිසා, එමගින් ඔබේ තොල් වල තද වර්ණයෙන් දැක්වෙන චර්ම පැච් හා පැල්ලම් ඉවත් කළ හැකිය. ලෙමන් යුෂ ඔබේ තොල් වල මැරුණු සම ඉවත් කිරීමට ක්‍රියා කරන අතර ඔබේ තොල් මත නව ස්තරය දක්වා ගෙන එයි. නැවුම් ලෙමන් යුෂ තවරා ඔබේ තොල් මත සිය ඇගිලි තුඩු වලින් සියුම්ව සම්බාහනය කරන්න ත හා රෝස පැහැති තොල් ලබා ගැනීමට සදහා නිදා ගැනීමට පෙර සෑම රාත්‍රියකම ඔබට මෙය නිවසේ කල හැකි පිළියමකි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article