තරුණ වයසෙදිම කොණ්ඩෙ ඉදීගෙන එනවද? එහෙනම් කරන්න ඕන ප්‍රතිකාර මෙන්න
Monday, 05 June 2017 - 15:38 | Views - 142,450

ගොඩක් දෙනෙක්ට තියන ලොකු ගැටළුවක් තමයි අඩු වයසෙන්ම කොණ්ඩේ ඉදෙන එක.
ඔන්න ඔය කරදරෙන් මිදෙන්න පුළුවන් අත් බෙහෙත් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ.
01.නෙල්ලි වියළා කුඩු කර පොල් තෙල් සමඟ මිශ්‍ර කර රත්කර හිසෙහි ආලේප කරන්න.
02.කරපිංචා කොළ කොටා ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න.
මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි.
03.තලාගත් ඉඟුරු ස්වල්පයක් මීපැණි මේස හැන්දක මිශ්‍ර කර උදෑසන ආහාරයට ගන්න.
04.සති දෙකකට වරක් පිරිසිදු ගී හිස ගල්වා මසාජ් කරන්න.
05.කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල් වලට දමා රත් කර හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න.
06.පේර කොළ පොඩි කර යුෂ හිස් ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්න.
මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි.
07.කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර හිස ගල්වා තබා සෝදා හරින්න.
මතක තියාගන්න මේ ප්‍රතිකාර මොනතරම් ස්වභාවික උනත් ඇතැම්විට ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
ඔබේ අකලට හිසකෙස් පැසීම මොන හේතුවක් නිසා සිදුවෙන්නක්ද කියන එක ඔබ වෛද්‍යවරයෙක් හමුවට ගිහින්ම දැන ගන්න එක වඩාත් සුදුසුයි.
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් හිතුමතේ කරන්න එපා.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article