තමාගේම මුහුණට වෙඩි තියාගෙන විරූපී පෙනුමකින් ජිවත් වෙන තරුණයෙක්
Saturday, 25 February 2017 - 9:53 | Views - 10,276

ජිවිතේ කියන්නේ විඳවන්න ඕන දෙයක් නෙමෙයි විඳින්න ඕන දෙයක්. යම් යම් ප්‍රශ්ණ නිසා බොහෝ දෙනෙක් මේ වනවිට සියදිවි හානි කරගෙන තිබෙනවා. එහෙම තමන්ගේ ජීවිතය නැති කරගන්න හදපු තරුණයෙක් ගැනයි මේ කියන්න යන්නේ.
ඔහුගේ නම ඇන්ඩි (Andy ) ඔහුත් දරාගත නොහැකි යම් හෝ ප්‍රශ්නයක් නිසා ජීවිතය නැති කරගන්න හදපු තරුණයෙක්. ඔහු තමා විසින්ම තමාගේ මූණට වෙඩි තියාගන්නවා. නමුත් රෝහල් ගත කල ඔහු ප්‍රාතිහාරයකින් වගේ බේරෙනවා. නමුත් සම්පුර්ණ ජිවිතයම වෙනස් කරන දෙයක් එක්ක.
ඒ තමයි වෙඩි වැදීමෙන් ඔහුගේ මුහුණේ නාසය ,නිකට මෙන්ම දෙතොල් ඇතුළු කිහිප තැනක් අහිමිව විරූපී පෙනුමක් සමගින් ඔහුට ජිවත් වීමට සිදුවෙනවා.
ඔහුගේ මේ විරූපී පෙනුම නිසා මිනිසුන් ඔහුව මගහරිනවා. ඔහුට බිය වෙනවා. ඔහුට සාමාන්‍ය පුද්ගලයකු වගේ ජිවත් වෙන්න බැරි වෙනවා. සමාජයෙන් කොන් වෙනවා.
වඩාත් මානසික පිඩා මැද ජීවිතය ගෙනියන්න සිදු වෙන ඔහුට පසුව සුභවාදී ආරංචියක් ලැබෙනවා.
සමීර් මර්ඩිනි නම් දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකු ඇන්ඩි ව සුව කරන්න ඉදිරිපත් වෙනවා. පසුව ඔහුට නාසයක්, නිකටක් , දෙතොල් බද්ධ කරනවා. වාසනාවකට කිසිම හානියක් නැතුව සැත්කම සාර්ථකව නිම කරගන්න වෛද්‍යවරුන්ට පුළුවන් වෙන නිසා දැන් ඇන්ඩි සාමාන්‍ය කෙනෙක්.
එත් තව එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇන්ඩි ගේ කථා කිරීමට ඇති අපහසුතාව. මේ වනවිට ඔහු එයටද ප්‍රතිකාර ගනිමින් ඉන්න බවයි ආරංචි..
උපුටාගැනීම CNN වෙබ් අඩවියෙන්...
මේ ලෝකේ ජිවත් වෙන හැමෝටම කරදර ප්‍රශ්ණ එනවා. ඒ දේවල් එක්ක ජිවිතේ හදාගෙන ඉස්සරහට යන එකයි කරන්න ඕන. එතකොට ඔබේ ජිවිත , අපි සියලු දෙනාගේම ජිවිත වගේම මේ ලෝකෙත් ගොඩාක් සුන්දර ලස්සන තැනක් වෙයි.
Share This Article