මේ තෙල් වර්ගය භාවිතා කරොත් ඔබට මේ විශ්මිත වාසි නිසැකවම ලබාගන්න පුළුවන්
Monday, 05 June 2017 - 10:06 | Views - 4,737

වර්තමානයේ බාල මහළු කාටත් තිබෙන රෝගයක් තමයි කොලෙස්ට්‍රොල් කියන්නේ. මේ රෝගයට බොහෝවිට බලපාන්නේ අප ආහාර පිසිමේදී යොදාගන්න තෙල් වර්ගයි. මේ කොලෙස්ට්‍රොල් රෝගයට විසඳුමක් තමයි ඔලිව් තෙල් භාවිතා කිරිම. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඖෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමනක‍්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙනවා. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඖෂධයක්. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි.
ඔස්ටියෝපොරෝසිස්
ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.
දියවැඩියාව
ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩ්‍රේට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.
සමේ නිරෝගී බවට
ඔලිව් තෙල්, ලූණු ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඞ්ස් හා වයිට් හෙඞ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.
හිසට හා සමට තෙතමනය
වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප‍්‍රතිඵල අත් කර ගත හැකියි.
ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් මෙය වැරැදි ක‍්‍රියාවකි. ඉන් සිදුවන්නේ එහි අඩංගු ගුණය නැසීයෑමකි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article