නිවසේදී පහසුවෙන්ම දත් වල මැලියම් ඉවත් කරගත හැකි අයුරු
Sunday, 04 June 2017 - 14:54 | Views - 60,950
මුඛ සෞඛ්‍ය ගැන කතා කිරීමේදී බොහෝදෙනෙක් මුහුණදෙන ගැටළුවක් තමයි දත් වල මැලියම් බැඳීම.
ඉතින් මේ මැලියම් ඉවත් කරගන්න දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්නම ඕනෙද...?
ඇත්තටම ඔබට නිවසේදී කල හැකි පහසු ප්‍රතිකාර කිහිපයකින් දත් වල මැලියම් යම්තාක් දුරකට අවම කරගන්න පුළුවන්.
දැන් අපි බලමු කොහොමද මේ ප්‍රතිකාර කරන්නේ කියලා.


01. පේර

සෝදාගත් පේර කොළ කිහිපයක් හොඳින් හපා කෙල ගසා ඉවත් කරන්න. දත් වල මැලියම් ඇතිවීමේ අවදානම අඩු කිරීමට දිනපතා මෙය සිදු කරන්න.

02. පොල්තෙල්

පොල්තෙල් ටිකක් දත් වල ආලේප කර විනාඩි 5ක් පමණ ඇඟිල්ලෙන් හොඳින් පිරිමදින්න. ඉන්පසු සාමාන්‍ය ආකාරයට දත් මැද කෙල ගසා ඉවත් කරන්න. මෙය දිනපතා උදෑසන ආහාර ගැනීමට පෙර සිදුකරන්න.

03. කෝමාරිකා

කෝමාරිකා පත්‍රයෙන් යුෂ වෙන්කරගෙන එය දත් වල ආලේප කර හොඳින් පිරිමදින්න. විනාඩි 10ක් පමණ තබා සීතල වතුරෙන් කට සෝදා ඉවත් කරන්න. දිනපතා මෙය සිදුකරන්න.

04. බේකින් සෝඩා

බේකින් සෝඩා තේ හැඳි 2කට ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්න. ඉන්පසු තෙත් කරගත් දත් බුරුසුව එයට දමා මිශ්‍රණයෙන් ටිකක් ගෙන එයින් දත් මදින්න. මෙය සතියකට වරක් පමණ සිදුකරන්න.


05. තක්කාලි

තක්කාලි පෙත්තක් චොප් කරගෙන එය දත් වල ආලේප කර විනාඩි කිහිපයක් තබන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් කට සෝදා ඉවත් කරන්න.


06. ලෙමන්

සාමාන්‍ය ආකාරයට දත් මැදගන්න. ඉන්පසු දත් බුරුසුව ලෙමන් යුෂෙහි ගිල්වා එයින් නැවත දත් මදින්න. විනාඩි කිහිපයක් තබා කට සෝදන්න.

07. කරාබුනැටි

කුඩු කරගත් කරාබුනැටි තේ හැඳි 1කට ඔලිව් තෙල් ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය දත් වල ආලේප කර විනාඩි කිහිපයක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

08. දොඩම් ලෙල්ල

රාත්‍රී නින්දට යාමට පෙර දොඩම් ලෙල්ල පහසු ආකාරයකට කපා ඇතුල් පැත්ත දත් වල පිරිමදින්න. උදෑසන එය සෝදා ඉවත් කරන්න.


- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top