ඕනම ගෙදරක තියෙන කෝමාරිකාවලින් ඔබේ රූ සපුව ලස්සන කරන හැටි මෙන්න
Saturday, 03 June 2017 - 14:47 | Views - 19,797

ලංකාවේ අපිටනම් කොමාරිකා කියන්නේ අළුත් දෙයක් නෙමෙයි. කෝමාරිකා පැලයක් ඕනම නිවසක දකින්න පුලුවන්. කෝමාරිකා කියන්නේ ඖෂධීය වශයෙන් බොහෝ වටිනා පැලයක්. රූ සපුව පැහැපත් කරගන්නත් මේ කෝමාරිකා උදව් වෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ විදියට කොහොමද රූ සපුව ලස්සන කරගන්න කෝමාරිකා උදව් වෙන්නේ කියලා.
01. හිරුඑළියෙන් පිළිස්සුන සමට හොද ප්‍රතිකාරයක්.
කෝමාරිකා යුෂ සම මත ආලේප කිරීමෙන්, හිරුකිරණෙන් ආරක්ෂා වන්නට සමට අවශ්‍ය වැස්මක් ලැබේ. ඒ වගේම සමේ තෙතමනයත් රදා පවත්වයි.
02. සමේ තෙතමනය පවත්වාගෙන යන්නට උපකාරී වේ.
සම වියලි බවින් මුදා, සමට අවශ්‍ය තෙතමනය පවත්වාගෙන යන්නට මේ කෝමාරිකා යුෂ උදව් වේ.
03. සමේ ඇතිවන ආසාධන වලට හොද ප්‍රතිකාරයක් වේ.
කෝමාරිකා යුෂ වල තිබෙන සුව කිරීමේ හා සිසිලස ගෙන දීමේ හැකියාවන් නිසා, සමේ ඇතිවන දැවිල්ල, බිබිලි හා කැසිල්ල වැනි දෑ අවම කර ගැනීමට කෝමාරිකා උපකාරී වේ.
04. සම වයසට යාම අවම කරයි.
කෝමාරිකා වල තිබෙන ඇන්ටි-ඔක්සිඩන්ට්, බෙටා කැරොටින්, විටමින් C හා E නිසා, සමේ තෙතමනය රැක දේ. එමගින්, සමේ අනවශ්‍ය රැලි වැටීම වලක්වයි. සම ඇදීම අවම කරයි.
05. ස්ට්රචේ මාර්ක්ස් අවම කරයි.
ගර්භනී බව නිසා හෝ ක්ෂණික මහත් වීමක් හෝ කෙට්ටු වීමක් නිසා, සමේ ස්ට්රචේ මාර්ක්ස් ඇති වෙලා තියෙනවනම්, කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් ඒ මාර්ක්ස් අවම කර ගන්න පුළුවන්.
06. හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
හිස්කබලේ චය අගය හොද තත්වයෙන් පවත්වා ගන්නට උපකාරී වේ. කෙස් වලට අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට උදව් වේ. හිසකෙස් වර්ධනය කරයි.
07. හිස්හොරි අවම කරයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article