මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම
Friday, 08 February 2019 - 11:03 | Views - 2,658
අප බොහෝවිට ආහාර ගන්නේ කුස පිරවීමටයග එහෙත් ආහාරගත යුත්තේ කුස පිරවීමට පමණක් නොවේග එම ආහාරවලින් ලැබෙන පෝෂණය හා සෞඛ්‍යයමය තල්ලුව කිසිලෙසකින් වත් අමතක නොකළ යුතුය. සමහර ගුණ එළවළු යම් කාලවලදී මිල අඩුයග එසේම මිල තරමක් වැඩිවුවද ගුණදායි බව සලකා යම් ආහාරල ආහාරවේලට එක්කර ගැනීම නුවණැති ක්‍රියාවකිග මේ විශේෂ ගුණැති ආහාර කිහිපයක් ගැන තොරතුරුය.

බ්‍රොකොලි සහ කෝලිෆලවර්

මේ දවස්වල මල්ගෝවා :කෝලිෆ්ලවර්- සුලබයග මල්ගෝවාල බ්‍රොකොලිල ගෝවාල ගෝවා කොළ ආදී ගෝවා කුලයට අයත් සියලු එළවළු වර්ග තුළ ප්‍රතිඔක්සිකාරකල ඛනිජ පෝෂකල ප්‍රතිපෝෂක ආදිය කෙතරම් සුලබව පවතිනවාදයත් මොළයෙහි පටක ධූලක :විෂ වර්ග- වලින් ආරක්ෂා කිරිමට ඒ ආහාර සමත් වෙයි.

ඇමෙරිකාවේ හාර්වර්ඩ් සරසවිය සහභාගී වන්නන් 13388ක් යොදාගෙන සිදු කළ පර්යේෂණයක් මඟින් පෙන්වා දී ඇත්තේ ගෝවා කුලයේ ආහාර නිතර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මනා සේ ක්‍රියාකාරීවීම හා මතක ක්‍රියාවලිය රැක ගැනීමට ඇති හැකියාව ඉහල යන බවය.

මෑ ඇට ඇතුළු පියලි ඇට

මෑල මුංල බෝංචිල කිඩ්නි බීන්ස් ඇතුළු අනෙකුත් පියලි ඇට මඟින් මොළයට අවශ්‍ය ඉන්ධන සපයන ග්ලූකෝස් :කාබෝහයිඩ්‍රේට්- ලබාදෙයිග එසේම මෙම ඇටවර්ග තුළ සුලබව පවතින තන්තු :ෆයිබර්- නිසා මෙම ග්ලූකෝස් අවශෝෂණය සෙමින් සිදුවන්නේ මොළයට අවශ්‍ය ශක්තිය තිරසාර ලෙස ලබා දෙමින් සහ අවදි බව සහ අවධානය දිගින් දිගටම රැකගැනීමේ යෙදෙමිනි.

මේ අතර බෝංචි ගණයේ ඇට තුළ ප්‍රතිඔක්සිකාරකල යකඩ සහ තයමීන් ඇතුළු වෙනත් පෝෂක ද සුලබයග එමඟින් ස්නායු ක්‍රියාකාරීත්වය සහ මතක ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට උපකාර ලැබේ.

ඔලිව් තෙල්

මොළයෙහි සියයට 50ක්ම තැනී ඇත්තේ මේදයෙනිග එහෙයින් මොළයට ආහාර වශයෙන් සෞඛ්‍යයට හිතකර මේද ලැබීම අත්‍යවශ්‍යයග ඔලිව් තෙල් තුළ අඩංගුව ඇත්තේ ඒක අසංතෘප්ත මේදයෙනිග වෙනත් ඇට වර්ග :කොට්ටන්ල කජුල ආමන්ඩ් ආදී- අලිගැටපේරල තලතෙල් ආදියෙහි ද මෙම මේදය අඩංගුය.

මෙම ආහාර ගැනීම නිසා මොළයේ සෛල ව්‍යුහය සහ නම්‍යතාවය නිසිලෙස පවත්වාගෙන යාමට මෙන්ම වයස්ගතවීම නිසා ඇතිවන හානිවලින් ද මොළයට ආරක්ෂාව සපයයිග මෑතකදී සිදුකළ එක් අධ්‍යනයකින් පළකරන්නේ ඔලිව් තෙල් තුළ අඩංගු ඩලියෝතෑන්තල් නම් රසායනිකයට ඇල්ෂයිමර් රෝගයෙන් ස්නායු සෛල ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි.

නිවිති

නිවිතිල ගෝවාකොළ :කේල්- ටර්නිප් ආදී තද කොළ පැහැති එළවළු :සලාද ඇතුළු යකඩ වලින් පෝෂිතයග මෙම යකඩ මොළයෙන් ස්‍රාවය වන ඩොපමීන් සහ සෙරොටනීන් යන ස්නායු සම්පේ‍්‍රෂක නිෂ්පාදනය ඉහළ යවයිග ඒවා ඉගෙනීම හා මතක හැකියාව නංවාලීමට සමත්යග යකඩ ඌනතාවය ඇති වූවහොත් මතකයල අවධානය සහ මානසික ක්‍රියාවලිය බිඳ වැටිය හැකිය.

මේ අතර නිවිති තුළ ඇති ප්‍රතිඔක්සිකාරක රසායනිකය මොළයේ සෛලවලට ආරක්ෂාව සැපයීමට ද සමත්ය.

තේ හා කෝපි

අලුයම පානය කරන තේ හෝ කෝපි කෝප්පය තුළ අඩංගු කැෆේන් මධ්‍යම වශයෙන් ගත්විට මොළය උත්තේජනයට සමත්යග එමඟින් අවධානය සහ මතකය දියුණු වෙයිග මැදිවයසේ පසුවන අයට දවසකට තේ කෝපි කෝප්ප 3 -5 දක්වා පානය කිරීමෙන් චිත්ත වික්ෂේපය ඇතිවීමේ අවදානම 86කින් කපා හැරිය හැකි බව වාර්තා වෙයි.

වයස්ගත අයගේ මානසික පරිහානිය වළක්වාලීමට දිනකට කොළ තේ කෝප්ප 2ක් පානය කිරීම උදව් වන බවට ද පර්යේෂණයන් දක්වයි.

බෙරි වර්ගයේ පලතුරු

ස්ට්‍රෝබෙරි, රතු මිදිල ජම්බුල ලොවි ඇතුළු බෙරි පවුලට අයත් පලතුරු තුළ ඉතා ඉහළ ප්‍රමාණයෙන් ප්‍රති - ඔක්සිකාරක සහ ඇන්තොසයනීන් අඩංගු අතර මොළයේ සෛල ධූලක :විෂ- වලින් ආරක්ෂා කිරීමට ඒවා සමත්ය.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,257 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,297 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top