ඇපල් iPhone දුරකථනය වෙනස් වූ හැටි
Wednesday, 06 February 2019 - 14:23 | Views - 10,193
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ, ඇපල් ජංගම දුරකථනවල 'හෑන්ඩ් සෙට්' උපාංගවල අලෙවිය 15%කින් පහත වැටී තිබීමයි.

ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය.

වේගවත් 3G තාක්‍ෂණය වෙනුවට 2G සම්බන්ධතාව යොදා ගැනීමට ඇපල් සමාගම ගත් තීරණයත් සමග, මෙම ප්‍රථම දුරකතනය ප්‍රසිද්ධියට පත් වූයේ iPhone 2G ලෙසය.

පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ.

නමුත් මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක කෙසේ සිදුවේ දැයි තවමත් හෙළි කර නොමැත.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top