ගැබ්ගෙල පිළිකා වලින් රැකෙන්න දෙන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
Tuesday, 05 February 2019 - 12:16 | Views - 2,414
ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට  ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇත.
 
ඒ අනුව ගැබ් ගෙල  පිළිකා රෝගීන් සඳහා මානව පැපිලෝමා වෛරස් එන්නත නිර්දේශ වී ඇති අතර  විශේෂයෙන් දුප්පත් රටවල කාන්තාවන්ට මෙම එන්නත ලබාදීමට පිළිකා  විශේෂඥයන්  ගේ අවදානය යොමු වී ඇත.
 
2018 දී ලොව පුරා ගැබ්ගෙල පිළිකා රෝගීන් 570,000 ක් පමණ සිටින බව පිළිකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
 
සෑම වර්ෂයකම කාන්තාවන් 310,000 වඩා ගැබ් ගෙල පිළිකා වලින් මිය යන අතර,  එයින් බහුතරයක් දුප්පත් රටවල්වල කාන්තාවන් බව අනාවරණය වී ඇත.  
 
මෙම එන්නතට එරෙහි ප්‍රචාරයන් ධනවත් රටවල ප්‍රචාරය වෙමින් පවතින අතර ලෝකය පුරා  කාන්තාවන්ගේ සිව්වන පිළිකා අවදානම ගැබ්ගෙල පිළිකාවයි.
 
2020 වන විට මානව පැපිලෝමා වෛරස් එන්නත  දුප්පත් රටවලින් කාන්තාවන් මිලියන 40 කට ලබාදීම ඔවුන්ගේ අරමුණ බව පසුගිය සතියේ වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේය.
 
එයින් 900,000 මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි  බවට  වාර්තා වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top