කුරුලෑ ඇතිවීම බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටළුවක්. ඔවුන් ඒ සඳහා විවිධ ප්රතිකර්මවලට විශාල ලෙස මුදල් වියදම් කරත් ඒවා බොහෝ වෙලාවට නිශ්ඵල උත්සහයන් වෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ කුරුලෑ සනීප කරගන්න පුළුවන් විශ්මිත දේශීය බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කලාදුරු අල - ඔයාලා දන්නවා නේද කලාදුරු කියලා තණකොළ ජාතියක් තියෙනවා. අන්න ඒ තණකොළ වල අල තමයි ගලව ගන්න ඕනේ.
- මී පැණි
- දෙහි යුෂ
- සුද්ද කරගත්තු පොල් කටුවක්
සාදා ගන්න ආකාරය:
ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න.
ඊට පසු ඒකට මීපැණි ටිකකුත් දාලා ලී මිටක් අරන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න. හොදට පොඩි කර ගත්තට පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.
භාවිතා කරන ආකාරය:
සාදාගත් ආලේපනය හොදට මුනේ ගලා පැය භාගයක් විතර ඉදලා සෝදා හරින්න.
සිහි තබා ගත යුතු කරුණු:දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න.ඊට පස්සේ මී පැණි එක්ක විතරක් ගාන්න.- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -