දවස් 7න් කුරුලෑ සනීප කර ගන්න විශ්මිත බෙහෙත් වට්ටෝරුවක් මෙන්න
Thursday, 01 June 2017 - 15:15 | Views - 12,569
කුරුලෑ ඇතිවීම බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටළුවක්. ඔවුන් ඒ සඳහා විවිධ ප්‍රතිකර්මවලට විශාල ලෙස මුදල් වියදම් කරත් ඒවා බොහෝ වෙලාවට නිශ්ඵල උත්සහයන් වෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ කුරුලෑ සනීප කරගන්න පුළුවන් විශ්මිත දේශීය බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කලාදුරු අල - ඔයාලා දන්නවා නේද කලාදුරු කියලා තණකොළ ජාතියක් තියෙනවා. අන්න ඒ තණකොළ වල අල තමයි ගලව ගන්න ඕනේ.
  • මී පැණි
  • දෙහි යුෂ
  • සුද්ද කරගත්තු පොල් කටුවක්
සාදා ගන්න ආකාරය:

ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න.

ඊට පසු ඒකට මීපැණි ටිකකුත් දාලා ලී මිටක් අරන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න. හොදට පොඩි කර ගත්තට පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් ආලේපනය හොදට මුනේ ගලා පැය භාගයක් විතර ඉදලා සෝදා හරින්න.

සිහි තබා ගත යුතු කරුණු:
දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න.ඊට පස්සේ මී පැණි එක්ක විතරක් ගාන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top