වර්තමානයේ මිනිසුන් ගෙවන කාර්ය බහුල ජීවිතයත් සමඟ තමන්ගේ එදිනෙදා ආහාර වේල හරි ආකාරව හා හරි වේලාවන්වලදී ලබා ගැනීමට මිනිසුන්ට නොහැකි වෙලා තියෙනවා. එම හේතුන් නිසා මේ වනවිට බොහෝදෙනකුට ගෑස්ට්රයිටීස් නම් භයානක රෝගය තත්වයට ගොදුරු වෙලා තියෙනවා.
මෙම රෝගයේ ලක්ෂණ පහතින් දැක්වෙනවා.
- වමනය
- ඔක්කාරය
- අමාශය ඇතුලතින් දැනෙන දැවිල්ල
- ආහාර කුඩා ප්රමාණයක් ගත්තද ආමාශය(බඩ ) අධික ලෙස පිරී ඇති බව දැනීම
- වැසිකිලි නොයෑම
- පහත බඩ රිදීම
- මලපහ අඳුරු පැහැ වීම
ගැස්ට්රයිටිස් රෝගය වැළඳීමට හේතුවන ප්රධාන කරුණු
- තෙල් අධික ආහාර
- ක්ෂණික ආහාර
- දුම් පානය
- නිවරදි වේලාවට ආහාර නොගැනීම
- හෙලිකොබැක්ටර් පයිලරි බැක්ටීරියාව ආමාශ බිත්තියට හානි කිරීම
- විටමින් බී12 හිඟකම
- අධික වේදනා නාශක භාවිතය
- ආම්ලික හා අධික තුනපහ ඇති ආහාර භාවිතය
- වයිරස හා දිලීර ආශ්රිත ලෙඩ රෝග
- ආතතිය හා අධික වෙහෙස
මේ රෝගය සඳහා ඔබට නිවසේදීම කරගත හැකි ස්වභාවික ප්රතිකර්ම කිහිපයක් පිළිබඳව මේ ලිපියෙන් කියවේ.
01. යෝගට් භාවිතයෙන්දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැතිනම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූදි එකක් සාදාගෙන බොන්න
02. ඉගුරු භාවිතයෙන්ඉගුරු (මුල ) තේ හැන්දක් පමණ නටන උනු වතුර කෝප්ප 1ට දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. දැන් එය පෙරාගෙන එයට මී පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවරක් බැඟින් සතියක් පමණ පාණය කරන්න.
03. වැල් මී භාවිතයෙන්වැල් මී කුඩු තේ හැඳි 1ක් නටන උණු වතුර කෙප්පයකට දමා විනාඩි 10ක් තිඛෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න
04. හීන් මඳුරුතලා භාවිතයෙන්දිනකට හීන් මඳුරුතලා කොළ 4,5ක් පමණ අමුවෙන් කන්න. නැතිනම් හීන්මඳුරුතලා කොටා යුෂ තේ හැදි 1ක් ඉඟ=රු යුෂ තේ හැදි එකක් සමඟ මිශ්ර කොට එකවර බොන්න
05. මාදුරු භාවිතයෙන්නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. ඉන් පසු එය පෙරා මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. ඉක්මන් ප්රථිඵල සඳහා දිනකට තුන් වරක් බැගින් සතියක් බොන්න
06. අල භාවිතයෙන්අල ගෙඩියක් පොතු ගසා ගෙන ග්රේට් කරගන්න. ග්රේට් කරගත් අල යුශ ටික එකතු කරගන්න. අල යුෂ වීදුරු භාගයකට උණු වතුර ටිකක් එකතු කරගන්න. සෑම කෑම වේලකටම විනාඩි 30කට පෙර මෙය සතියක් පුරා පානය කරන්න.
මේ ප්රතිකර්මවලට අමතරව පහත කරුණු අනුගමනය කිරිමට හැකි තරම් උත්සහ කරන්න.
- ග්රීන් ටී පානය කරන්න
- ඇඳට යෑමට අඩුම තරමේ පැය 2කට වත් පෙර රාත්රී ආහාරය ගන්න
- කෑම කන අතර ජලය පානය කිරීමෙන් වළකින්න.එය ආහාර දිරවීම පමා වේ
- සෙමින් ආහාර ගන්න. හොඳින් විකන්න. කුඩා ආහාර වේල් නිශ්චිත කාල අන්තරයන් වලදී ගන්න
- හැකිතාක් ජලය පානය කරන්න
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -