ආදරවන්තයා ඉදිරියේ ඉබේ ගැළවෙන ස්මාර්ට් තිසරපටය
Wednesday, 31 May 2017 - 12:02 | Views - 169,839
කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි 'ස්මාර්ට් තිසරපටක්' සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම 'ස්මාර්ට් තිසරපට' හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වෙයි.

මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලුටූත් ආශ්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්, එය තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි.

තවම වෙළෙඳ පොළේ නැති මේ 'ස්මාර්ට් තිසරපට' වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත.
නමුත්, ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.



- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top