වින්ඩෝස් පරිගණක පද්ධතියට අලුත් වෛරසයක්
Wednesday, 30 January 2019 - 12:01 | Views - 3,882
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

වින්ඩෝස් 7 / 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට මෙමගින් බාධා එල්ලවන බවයි එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

නොමිලේ භාගතකර කිරීමේ හැකියාව ඇති පරිඝනක මෘදුකාංග හරහා මෙම වෛරසය පැතිරීම සිදුවනවා.

එමගින් පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්තවලට හානි සිදුවීම අවදානමක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ හේතුවෙන් පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්ත පරිඝනකයෙන් බැහැරව ගබඩ කර තබා ගන්නා ලෙසටයි වෙනත් ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.

කෙසේවෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ලනොවන බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top