දින දෙකෙන් සුදු වෙන්න කැමති ඔබට
Thursday, 23 February 2017 - 21:54 | Views - 78,663
ඔන්න ඉතින් මේ කියන්න යන වැඩේ කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට දවස් 02 ක් ඇතුලත සුදු වෙන්න පුළුවන්.
ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගන්නා මේ පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්.

මේ ලිපිය බලන ඔයාලට,

සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය සරලව තේරුම් ගන්න පුළුවන්.


සාමාන්‍ය සමකට නම්...

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප‍්‍රමාණයෙන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ‍්‍රණය සාදා ගන්න.

වියළි සමකට නම්...

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ‍්‍රකර ගන්න.

තෙල් සහිත සමකට නම්...

කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප‍්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ‍්‍ර කරගන්න.





පැක් එක දමා ගන්නා ආකාරය

1.ඔබේ සමට ගැළපෙන සේ සකස් කරගත් පැක් එක මුහුණේ උඩු අතට ඝනව සිටින විදියට බුරුසුවකින් ආලේප කරන්න.

2.විනාඩි 20ක් පමණ එය වියළෙන්නට හැර එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් මුහුණේ ආලේප කර ඇති පැක් එක මත තවරන්න.

3.නැවැත විනාඩි 15ක් හෝ 20ක් එය මුහුණේ තබා වියළුණු පසු අයිස් වතුර පෙගවූ ස්පොන්ජ් කැබැල්ලකින් මුහුණ තෙත් කරන්න.

4.ගැල් වූ ආලේප අයිස් වතුරෙන් හොඳින් පෙගුණු පසු ස්පොන්ජ් කැබැල්ලෙන්ම එය ඉවත් කරන්න.

5.ටිෂූ කැබැල්ලක ආධාරයෙන් මුහුණ හොඳින් තෙත මාත්තු කරගන්න.

6.සාදාගත් ටෝනර් එක පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.





ටෝනර් සාදා ගන්නා ක‍්‍රම කිහිපයක්

-රතු රෝස පෙති පිරිසුදු වතුර වීදුරුවකට දමා රාත‍්‍රියේ වසා තබන්න. පසුදා උදෑසන එය පෙරා භාවිතයට ගන්න.
-පිපිඤ්ඤ බ්ලෙන්ඩර් කර පෙරා ඉස්ම ගන්න.
-සමන් පිච්ච මල්, ස්පාලිකා මල් පිරිසුදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගෙන්නට තබා පසුදා උදෑසන පෙරා ගන්න.

මේ සියල්ල ශීතකරණයක දමා දවස් 5ක් පමණ කල් තබා ගත හැකිය. එසේ කිරීමට අපහසු නම් අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් සාදා ගන්න.

මේ සත්කාරය කිරීමෙන් පසු හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් අවම කරගන්න. එසේ නොමැති නම් හිරු කිරණින් සම ආරක්‍ෂා කරන ආලේප වර්ගයක් සමග මතුපිට ආලේප කරන්න.

මෙම ප‍්‍රතිකාර උදෑසන 7-11 අතර හා සවස 2 – 5 අතර කරන්න. එසේ නොමැති නම් වඩාත් සුදුසු වන්නේ රාත‍්‍රි කාලයයි.

මේ සත්කාරය කිරීමෙන් පසු එදින රාත‍්‍රියේ සහ පසුදා උදෑසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න.

සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිත කරන්න.

ඊට පසුදින සවස් වූ විට ඔබට සුපුරුදු පරිදි මුහුණ සේදීම කළ යුතුය. ස්වාභාවික සත්කාර කළ පසු නැවැත සති 2ක් යනතෙක් ස්ක‍්‍රබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් සුදුසු නැත.

මේ විදියට කරලා බලන්න.
අනිවාර්යයෙන් පැහැපත් සමක හිමිකාරියක් හෝ හිමිකාරයෙක් වෙන්න ඔයාට පුළුවන් වෙනවා නිසැකයි.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top