නියපොතු වල දක්නට ලැබෙන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා
Monday, 29 May 2017 - 15:57 | Views - 33,129

හුඟ දෙනෙක් හිතන්නේ නියපොතු ශරීරයෙන් ඉතා සුළු අංගයක් කියලයි.
නමුත් ඉන් කියාපාන දේවල් වල වැදගත් පණිවිඩ තිබෙනවා.
ඒ නිසා නියපොතු වලින් සෞඛ්‍ය ගැන කියාපාන මේ පණිවිඩ කිසිවිට නොසලකා හරින්න එපා.
නියපොතු වල සුදු පැහැති ලප
ඔබ ගන්නා ආහාර හා පෝෂණය මත මෙම තත්වය ඇතිවන්න පුළුවන්.
ඒ වගේම විවිධ රසයනිකයන්ට දෑත් නිරාවරණය වීම නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්.
ඔබේ ශරීරයේ පෝෂණ ඌනතා ඇත්නම් නියපොතු වල වර්ධනයට එය ප්‍රමාණවත් නැහැ. හුඟ දෙනෙක් නියපොතු වල වර්ධනයට කැල්සියම් අවශ්‍ය යැයි සිතුවත් නියපොතු හැදෙන්නේ කැරොටින් වර්ගයකින්.
එය ප්‍රෝටීන් වර්ගයක්. ඒ නිසයි හොඳ ශක්තිමත් නියපොතු සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන්නේ.
දුඹුරු පැහැති සිරස් අතට ඇති ඉරි
මෙය මෙලනොමා (melanoma)නමැති පිළිකා තත්වය විය හැකි අතර මෙය සමේ පිළිකා දුඹුරු පැහැති ලප ආකාරයෙන් පමණක් නොව නියපොතු වලිනුත් ආරම්භ වෙන්න පුළුවන්.
20% අප්‍රිකානු හා ඇමරිකානු රටවල මෙලනොමා ආරම්භ වන්නේ නියපොතු වලිනි.
නියපොතු මත තිරස් අතට ඇති ඉරි
මේ තත්වය නියපොත්ත යට ඇති කියුටිකල් එක තුවාල වීම මීට හේතු විය හැකියි. අනෙක් අතට දරුණු උණ, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග තත්වයන් නිසාත් ඇතිවිය හැකියි.
නියපොතු එක තැන එක්වීම
ඇඟිලි තුඩු දෙසට නියපොතු තල්ලු වී තිබීම රුධිරයේ ඔක්සිජන් සැපයීම අඩු බව කියාපානවා.
විටෙක එය පෙනහළු වල රෝගී තත්වයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
හැඩිදැඩි නියපොතු
නියපොතු හැන්දක ආකාරයට වකුටුව තිබීම මේ රෝගී තත්වයේ ලක්ෂණයක්.
මෙය යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතවයේ ලක්ෂණයක්.
සමහර විටෙක ඔබ ගන්නා ආහාර වල ඇති යකඩ වැඩිපුර ප්‍රමාණයක් උරාගැනීමේ රෝගී තත්වයද විය හැක.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article