WhatsApp පණිවිඩ හුවමරුව සීමා සහිත වෙයි
Tuesday, 22 January 2019 - 14:03 | Views - 4,429
වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 05කට පමණක් සීමා කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

වට්ස් ඇප් පණිවුඩ සේවාව විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සිය පණිවුඩ ජාලය හරහා ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි.

ෆේස්බුක් ආයතනයේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විටත් එම ක්‍රමවේදය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ මීට මාස හයක පෙර සිටය.

එවැනි පියවරක් ගනු ලැබුවේ, කලහකාරීන් විසින් සිදු කළ පහර දීම් ගණනාවකට වට්ස් ඇප් පණිවුඩ සේවාව හරහා පැතිර ගිය ව්‍යාජ පුවත් හේතු වී ඇති බවට වාර්තා පළ වීමෙන් අනතුරුවය.

මේ දක්වා ඉන්දියාව හැර වෙනත් රටවල සිටින වට්ස් ඇප් භාවිත කරන්නන්ට තමන් වෙත ලැබෙන පණිවුඩයක් වෙනත් පුද්ගලයන් වෙත යැවිය හැකිව තිබුණු වාර ගණන විස්සකි.

යාවත්කාලීන කරන ලද වට්ස් ඇප් පණිවුඩ සේවාව හා සම්බන්ධ නීති ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීය. එරට පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියාව තුළ අඩවසරක කාලයක් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල "ඉතාමත් සැලකිල්ලෙන්" අගැයීමට ලක් කිරීමෙන් අනතුරව, තමන් එවැනි තීන්දුවක් ගත් බව වට්ස් ඇප් පණිවුඩ සේවාව බීබීසී වෙත පැවසීය.

"අදාළ සීමාව මගින් ලොව පුරා නැවත යවනු ලබන පණිවුඩ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කර තිබෙනවා," ප්‍රකාශකයෙක් කියා සිටියේය.

කෙසේ නමුත් සමාජය තුළ විශාල වශයෙන් හුවමාරු වන (Viral) පණිවුඩ සම්බන්ධ නව ක්‍රමවේද පිළිබඳ සිය අවධානය පළ වී ඇති බවත් ඉහත කී ප්‍රකාශකයා සඳහන් කළේය.

වට්ස් ඇප් පණිවුඩ ජාලය තුළ ආරම්භ කෙරෙන කණ්ඩායමක් තුළ (Group) 256 දක්වා පිරිසකට සාමාජිකත්වය දැරිය හැක.

ඒ අනුව නව පියවර ක්‍රියාත්මක කිරීමෙන් පසු පුද්ගලයෙකුට පණිවුඩයක් යැවිය හැක්කේ තවත් පුද්ගලයන් 1,280 (5 x 256) වෙත පමණි. මීට පෙර එම සංඛ්‍යාව 5,120 ක් ලෙස පැවතුනි.

ප්‍රචාරණ සහ අසත්‍ය කරුණු අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් වට්ස් ඇප් සහ ෆේස්බුක් ආයතනය යටතේ පවතින සෙසු සේවා ද විවේචනයට ලක් විය. ඉහත කී පියවර ගනු ලැබුවේ එවැනි වාතාවරණයකදීය.

මධ්‍යම යුරෝපයේ, යුක්‍රේනයේ සහ සෙසු පෙරදිග යුරෝපා රටවල ව්‍යාජ පුවත් බෙදා හල බව පැවසෙන ෆේස්බුක් පිටු සහ ගිණුම් 500 ඉවත් කළ බව ෆේස්බුක් ආයතනය පසුගිය සතියේ නිවේදනය කළේය.

එමෙන් ම එක්සත් රාජධානිය තුළ කරුණු සොයා බැලීමේ කණ්ඩායමක් සේවයට බඳවා ගත් බව ෆේස්බුක් ආයතනය මෑතකදී පැවසීය.ෆේස්බුක් සමාජ මධ්‍යය ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අසමගිය හා ප්‍රචණ්ඩත්වය ඇති කරන ආකරයේ වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් පළ කිරීම් ඇතැම් විට දක්නට ලැබේ.

2018 වසරේ රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවක පැවසීය.

අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබිණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට බලධාරීහු එවක කටයුතු කළහ.සිංහල භාෂාව කතාකරන පිරිස් වැඩි වශයෙන් බඳවා ගෙන ඉක්මනින් එවැනි ප්‍රකාශ ඉවත්කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් ආයතනය එවක ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක පැවසු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා ගණනාවක සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල සිදුකරන අසභ්‍ය වචන, වෛරී ප්‍රකාශ හා අසත්‍ය පුවත් ගැන දැඩි ලෙස අදහස් දක්වා තිබේ.

කෙසේ නමුත්, වෛරී ප්‍රකාශ මර්දනයේ මුවාවෙන් තමන්ට එල්ල වන මහජන විවේචන මර්දනයට ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට හැකි බැවින් සමාජ මාධ්‍ය පාලනයකට නීතිරීති ගෙන ඒමට කිසි ලෙසකින් අවස්ථාව ලබා නොදිය යුතු බව සමාජ ක්‍රියාකාරීහු පැවසූහ.

(බී.බී.සිය ඇසුරෙනි)
සබැඳි පුවත්:
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top