ආදරයට පාට, වයස, උස, මහත බලපාන්නේ නෑ කියලා අපි ඕනෑ තරම් අහලා තියෙනවනේ. ඒත් මේ ලිපියෙන් කියවෙන ආදර කතාව ඇහුවමනම් ඔබව තිගැස්මට පත්වෙන්නත් පුළුවන්.
දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල සමඟ පෙමින් වෙළි සිටින කාන්තවක් පිළිබඳව අපුරූ කතා පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ආදර කතාව අවුරුදු 36ක් පැරණි වන අතර මෙම කාන්තාව ඇගේ සිතින් මෙම ගොඩනැගිල්ලත් සමඟ ලිංගිකව එක්වන බවද ඇය පවසා ඇත.
Carol Santa Fe නම් මෙම කාන්තාව 45වන වියේ පසුවන අතර ඇය අවුරුදු 9 සිටම මෙම ගොඩනැගිල්ලට පෙම් කර ඇත. ඇය සමාජ සේවිකාවක් ලෙස සේවය කරන අතර ඇය හැම රාත්‍රියකම මිනිත්තු 45ක් පමණ වැය කරමින් බස් රථයෙන් මෙම ස්ථානයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ඇය මෙම ගොඩනැගිල්ල සමඟ විවාහ වී ඇති බවද ඇය එය හඳුන්වන්නේ Daidra ලෙසය. එය සමලිංගික විවාහයක් ලෙස සලකන බවද ඇය පවසයි.
ඇය මීට පෙර පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර එය අවුරුද්දක පමණ කාලයකින් අවසන් වී ඇත. ඇය එතැන පටන් විශ්වාස කර ඇත්තේ මිනිසෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවාට වඩා මේ ගොඩනැගිල්ල සමඟ පෙම් කිරිම සුදුසු බවය.
ඇගේ වීඩියෝ හා ඡායාරූප පහතින්.