මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,000 පනී. ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් හදිසි නිවේදනයක්...
Sunday, 26 July 2026 - 15:11 | Views - 129
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

මේ අතර සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ ගණන 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම ජූලි මාසයේ බවයි සඳහන් කළේ නැත, එනම් ජූලි මාසයේ බව සඳහන් වුණා.

ඒ අනුව මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ හා ජූලි මාසයේ මේ දක්වා කාල සීමාව තුළ පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දුන්නා.

මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 43,132ක්.

මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි අවධානම් කලාප 175ක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top