ජීවිතය දිගු කරගන්න රහස් පහක් මෙන්න
Thursday, 23 February 2017 - 17:50 | Views - 3,321
ඉපදුන අපි හැමෝම මැරෙන්න අකමැතියි. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්නයි කැමති. එක මොහොතක ඇතිවන හෘදයාභාධයක් අපි හැමෝගෙම ඒ බලාපොරොත්තුව මොහොතකින් සුනුවිසුනු කරන්න පුළුවන්.

ඒ නිසා මේ ගැන දිගු කලක් පර්යේෂණ කරපු විද්‍යාඥයො පිරිසක් ජීවිතය දිගු කරගන්න වෙනස් කරගත යුතු ජීවන චර්යා 5ක් හඳුනාගෙන තිබෙනව. මේ මගින් අපේ ජීවිතය හෘදයාභාධ නිසා අකාලයේ අහිමිවීම 80%න් අඩුකරගන්න පුළුවන්ලූ‍.

1. උදරය ලිහිල්ව තබාගැනීම
2. මත්පැන් පානය අවම කිරීම
3. දිනකට මිනිත්තු 40 වත් ඇවිදීම
4. ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු ප‍්‍රමාණය වැඩි කිරීම
5. දුම් පානය නතර කිරීම

දුම්පානය නතරකිරීමෙන් හෘදයාභාධ ඇතිවීමේ සම්භාවිතාව 36%න් ද, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් 25%න් ද අඩු කරගන්න පුළුවන්. ඉන අඟල් 38ට වඩා අඩු කරගන්න පුළුවන්නම් එය 13%ක පිටිවහලක්. දිනකට මිනිත්තු 40ක් බයිසිකල් පැදීම හෝ ඇවිදීම මගින් මේ අවධානම 7%න් අඩු කරගන්න ඔබට පුළුවන්. මත්පැන් පානය අවම කිරීම මේ සඳහා 8%ක අනුබලයක් ලබා දෙනව.

ස්වීඩනයේ හි පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සඳහා පුද්ගලයින් 20271ක් වසර 11ක් තිස්සේ  අධ්‍යනය කළ බව ස්ටෙක්හෝම්ස්හි කැරොලින්ස්කා ආයතනයේ මහාචාර්ය ඇග්නෙටා ඇකෙසන් මහතා පවසනවා. මේ සඳහා රටවල් කිහිපයක පර්යේෂකයින් සහභාගී වී තිබෙනවා.

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top