ඔබත් පුංචි දරුවාගේ දෙතොල් සිපගන්නවාද? මෙන්න එහෙනම් වහාම දැනුවත් වෙන්න
Tuesday, 23 May 2017 - 12:02 | Views - 28,027
පුංචි සුරතල් දරු පැටියෙක් පවුලට එකතු වුනාම කවුරුත් ගොඩක් ආසයි එම දරුවව වඩාගෙන හුරතල් කරන්න. සමහර අය දරුවගේ දෙතොල් සිපගන්න ප්‍රියතාවක් දක්වනවා. ඒ දේ නම් පුංචි දරුවෙක්ට කොහොමටවත් සුදුසු වන්නේ නැහැ.

හේතුව තමයි සති හයක කාලයක් යනතුරු අලුත උපන් බිළිඳෙකුගේ ශරීරයේ විෂබීජ හා සටන් වැදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වර්ධනය වෙන්නේ නෑ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි බෝවන රෝග වැළඳුණ පුද්ගලයන් මෙන්ම නීරෝගී පුද්ගලයෙකුට වුවද ඔබේ පුංචි දරුවාගේ දෙතොල් සිපගන්න කොයි වේලාවකවත් ඉඩ දෙන්න එපා. එසේ කිරිමෙන් පුංචි දරුවන් ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු අවස්ථා අපට අසන්නට ලැබී තිබෙනවා. සමහර අවස්ථාවල ඔබ දැක ඇති “cold sore” නම් චර්ම රෝගයක් ලෙස හැඳින්වෙන, මුඛය වටා හා දෙතොල්වල හටගන්නා බිබිල සහිත පුදගලයන්. එවැනි අයටනම් පුංචි දරුවා ලඟට යාමට පවා ඉඩ නොදී සිටීමට හැකිනම් වඩාත් හොඳයි.



ඒ වගේම, ඔබේ දරුවාට අසනීප තත්වයක් ඇත්නම් තවත් දරුවන් අසළ ඔබේ දරුවාව නොතිබීමටත් අසනීප දරුවන් අසළට ඔබේ දරුවාව ගෙනයාමෙන් වැළකීමටත් හොඳින් මතක තබා ගන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top