ඔබටත් දරු සම්පත් ප්‍රමාදද?
විවාහයෙන් පස්සේ ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේ ටික පිළිපදින්න
දැන් ඉන්න ගොඩක් අයට තියන ගැටළුවක් වෙලා තියෙන්නේ දරු සම්පත් නොලැබීමයි.

මොනතරම් දේවල් කලත් දරු සම්පත් ලැබුනේ නැත්තම් අවසානයේ මේ යුවතිපති දෙපළ සියලුම බලාපොරොත්තු අත්හැර දමනවා.
ඒ වුනත් දරු සම්පත් ලැබුනේ නැති විවාහක යුවලකට ඉක්මනින්ම දරු සම්පතක් ලබාගන්න විවිධ දේවල් කරන්න පුළුවන්.
ඔයත් ඉක්මනින්ම දරුවෙක් ලබාගන්න ඕන කෙනෙක් නම් මෙන්න මේ උපදෙස් ටික පිළිපැදලා බලන්න.
කෑම පාලනය සහ පෝෂණය ලබා ගැනීම.ඔයත් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් නම් සමබල ආහාර වේලකට හුරුවීම ඉතාමත් වැදගත් වෙනවා.
දරුවෙකු පිළිසිද ගැනීම වේගවත් කරන
කොන්ඩි ඇදුනු කුඩා බෝංචි,පෙයාස් සහ කිරි වැනි භාෂ්මීය ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්නවනම් හොඳයි.
මේ අතරම
රතු මස්, තේ වැනි ගැබ්ගෙල තලරයේ ආම්ලිකතාවය වැඩි කරවන ,ශුක්‍රාණු වල බලය හීන කරන ආම්ලික ආහාර වලින් ඈත් වෙනවනම් ගොඩක් හොඳයි.


ෆෝලික් අම්ලය (Folic Acid) අඩංගුවන පෝෂණ වර්ග වලින් ස්නායු නාරි දෝෂ වළක්වනවා.
දරුවෙක් පිළිසිද ගත්පසුවත් වෛද්‍යවරයෙක් මේ විටමින් වර්ග අඩංගු පෝෂක වර්ග ගැනීම නවතා දමන්න උපදෙස් දෙන තුරු මේවා භාවිතා කරන්න.
බොහෝ වෙලාවට ඔබ ගන්නා ඖෂධ වලිනුත් දරුපල ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන්.
කළලයක් හටගත් බවට ලක්ෂණ පහළ වන තුරු උත්සහය අත්නොහරින්න.දිනපතා සංසර්ගයේ යෙදෙනවා නම් ඩිම්බ මෝචනයත්
නිසිආකාරව සිදුවන නිසා දෙදෙනාම හැකිතාක් සතුටින් ලිංගිකව එකතු වෙන්න.
ඉක්මනින්ම ඔබට දරු සම්පතක් ලැබේවි.
එමෙන්ම ලිංගිකව එක්වන ඉරියව්ව වෙනස් කරන්න.ලිංගිකව එක්තුවෙන විවිධ ඉරියව් වලට අනුව දරු සම්පත් ලැබීමේ හැකියාව වෙනස් වන බව විවිධ වෛද්‍යවරුන් විවිධ මත පළකරනවා.ඔබ දෙදෙනා මිෂනාරි ඉරියව්ව අනුගමනය කළොත්,
ලෙහෙසියෙන්ම ශුක්‍රාණු වලට ලේසියෙන්ම ඩිම්බයක් සමඟ සම්බන්ධ වෙලා දරුවෙකු පිළිසිඳ ගැනීම වේගවත් වෙනවා.
ඒ වගේම ඔසප් චක්‍රය ගැන අවධානයෙන් ඉන්න අමතක කරන්න එපා.


මොකද ගර්භණීය වෙන්න බලපාන හේතු අතරේ ප්‍රධාන තැනක් ගන්නේ ඔසප් චක්‍රය නිසි ආකාරව සිදුවෙන එකයි.
යෝනි මාර්ගය තුළ උෂ්ණත්වය පරික්ෂා කරලා
ඩිම්බ මෝචනය වෙන ආකාරය නිසි ලෙස අධ්‍යනය කරන්න පුරුදු වෙන්න.
ඔබත් ඔබේ ඔසප් චක්‍රය ගැන අවධානයෙන් ඉන්නවනම් දරුවෙක් පිළිසිද ගන්න ඕන වෙලාව ගැන ඔබට තීරණයක් ගන්න පුළුවන්.
ඒ වගේම ඔබට දරු සම්පතක් ලබාගන්න ඕනනම් ශුක්‍රාණු වලට සරිලන ආකාරයට ඔබේ යෝනි මාර්ගය සකස් කරගන්න ඕන.

ඒ වගේම කැෆේන් මඟින් ගර්භණීය භාවයට කරන බලපෑම විවිධ අධ්‍යනයන් වලින් පෙන්වා ඇති නිසා ඔබත් ඒවා භාවිතයෙන් ඈත් වෙනවා නම් දරුපල ලබා ගැනීම ඉක්මන් කරගන්න පුළුවන්.

එලෙසම අධික තරබාරු කාන්තාවන්ගේ ඉස්ටජන් හෝමෝනය වැඩි වීම නිසා ඩිම්බ මෝචනය අවිදිමත් වීම හෝ ඩිම්බ මෝචනය නතර වීම සිදු වෙනවා.

ශරීරයේ බර පාලනය කරගෙන අධික තරබාරුව අඩු කර ගන්නවානම් හෝමෝන සමබරතාවය විධිමත් ලෙස පවත්වාගන්නවා නම්, ඔබට දරු සම්පත් ලබා ගැනීම පහසු කරවනවා.
ඔබ සතුටින් ලිංගිකව එක්වනවා නම්,ඒ සෑම අවස්ථාවකම ආතතිය ජීවිතයෙන් මගහැරී යනවා.
අධික ආතතියෙන් පෙළෙන කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයත් නිසි ලෙස සිදු වෙන්නේ නැති නිසා ගැබ්ගැනීමට විවිධ බාධා ඇතිකරවනවා.

ඒ නිසා හැකිතරම් සතුටින් ඔබේ ලිංගික ජීවිතය ගතකරන්න ඕන.
ඒ වගේම මානසික ආතතියට සමුදෙන්න,
අනිවාර්යයෙන්ම ඔබට සතුටුදායක ආරංචියක් දැනගන්නට ලැබේවි.

ඔබත් දරු සම්පත් ලබා ගන්න නොයෙකුත් දෙවල් කරපු කෙනෙක් නම්,
ඒ ගැන තවත් නොහිතා මානසික ආතතිය දුරු කරලා ධනාත්මක ආකල්ප සමඟ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න...