ජංගම දුරකථනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු ගැන ඔබ දැනුවත්ද ? අනතුරක් වෙන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න
Thursday, 23 February 2017 - 15:52 | Views - 16,118
ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබත් මේ ගැන මදක් සිතන්න. ආශාවෙන් මුදල් ටිකක් හොයාගෙන ගත්ත SMART ජංගම දුරකථනය නිසා ඔබේ අනාගතය අඳුරු කරගන්නවාද? සිතන්න මොහොතක්..

1996 වන විට ඇමරිකාව තුල ජංගම දුරකථන භාවිතය මිලියන 44 ක් පමණ වූ අතර අද වනවිට එය මිලියන 330 දක්වා වර්ධනය වී ඇත. මේ වන විට මිනිසුන්ගේ ජන ජීවිතයට බද්ධවී ඇති ජංගම දුරකථනය සමීප මිතුරෙකු ලෙස සිටියි.

එසේම ජංගම දුරකථන 2 ක් හෝ ඊට වැඩි ගණනක් සෑම අයෙකුම භාවිතා කරයි. එහෙත් නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලින් හෙළිවී ඇත්තේ ඉතාමක් ඉහල සෞඛ්‍ය අවධානමක් ජංගම දුරකථන නිසා ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන්ම බොහෝ මිනිසුන් හුරුවී සිටින්නේ තම ජංගම දුරකථනය කමිසයේ උඩ සාක්කුවේ හෝ කලිසම් සාක්කුවේ දමාගෙන යාමටයි. මේ හේතුව නිසා ජනේන්ද්‍රියට හෝ පියයුරු වලට හානි සිදුවිය හැකි බව වෛද්‍ය මතය වී ඇත. ජංගම දුරකථන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම නිසා මොළය පිළිකා ඇතිවීමේ අවධානමක් පවතී.

එසේම SMART ජංගම දුරකථන නිසා නිදා ගැනීම අවම වන අතර එයින් පිටවන ක්ෂුද්‍ර තරංග මඟින් දරුවන්ට පවා අහිතකර වන සිතීමේ ශක්තිය හීන කරවන බවට පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.

රෝග කාරක විෂබීජ ජංගම දුරකථන හරහා බෝවීමට ඇති ඉඩ කඩ වැඩිවී ඇත්තේ බස්රථ වල, වැසිකිළිවලදී පවා ජංගම දුරකථනය නැතිවම බැරිවීම නිසාය. තවද තරුණ තරුණියන් විසින් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීම හේතුවෙන් මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වාර්තාවේ. සියදිවි නසා ගැනීම් වලට වක්‍රාකාරයෙන් දුරකථන හේතුවේ.

තවද විශේෂම කාරණාව වනුයේ නිරන්තරයෙන් ජංගම දුරකථනය දෙස බලා සිටීම නිසා මානසික ආතතිය හා මිග්‍රේන් තත්වයක් ඇතිවිය හැකි බවයි.

ඉහත දැක්වූ කරුණු වලින් අපට සිදුවන හානිය අවම කර ගැනීමට වාචික සංවාදයන් (Call) අඩු කිරීම කල හැකිය. වාචික සංවාදයන් සිදුකිරීමේදී හැකි සෑම විටම වයර් සහිත Handsfree යොදා ගෙන වාචික සංවාද (Call) සිදුකරන්න. එවිට විකිරණ පිටවීම අඩුවේ. හැකිතාත් කෙටි පණිවිඩ යැවීමෙන් කථනය අඩු කළ හැක. ඔබත් ජංගම දුරකථනයක් ගැනීමේදී මේ ගැන නැවත වාරයක් සිතන්න..

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top