පුරුෂ ශක්තිය දුර්වලවීමට බලපාන හේතු
Monday, 31 December 2018 - 8:34 | Views - 6,592

වෛද්‍ය විද්‍යාවට අනුව කාන්තාව බිහිවී ඇත්තේ දරුවන් මෙලොවට බිහිකිරීමටය. පිරිමින් බිහිවී ඇත්තේ එම දරු සම්පත් කාන්තාවට ලබාදීම සඳහා දායක වීමටය. එනිසා පිරිමියා සතු ලිංගික ශක්තිය ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම පවතී.
යම් මොහොතක ඔවුන්ගේ ලිංගික ශක්තිය දුර්වල වුවහොත් ප්‍රජාව නිර්මාණය වීම ද ඇනහිටී. එනිසා පිරිමියකු සතු ලිංගික ශක්තිය මුළු ජීවිත කාලයටම පවත්වාගෙන යැම වැදගත් සාධකයකි.
නමුත් විවිධ හේතු නිසා පිරිමින්ගේ ලිංගික ශක්තිය දුර්වල වන අවස්ථා දැකිය හැකිය. මේවාට ආයුර්වේද විද්‍යාව තුළින් සාර්ථක පිළියම් ලබාගත හැකි දැයි දැන ගැනීම සඳහා අප මෙවර පිරිමින්ගේ ලිංගික ශක්තිය පිළිබඳව විමසා බලමු.
පුරුෂයින්ගේ ලිංගික ශක්තිය දුර්වලවීමට වර්තමානයේ බලපා තිබෙන හේතු පිළිබඳව අවධානය යොමු කරනවිට ඇතැම් කායික රෝග ද හිතාමතාම මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් ද හේතුවන බව කිව හැකිය.
රෝග ගැන සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම කලක් තිස්සේ දියවැඩියාව පැවැතීම, කරදරකාරී ගැස්ට්‍රයිටීස් තත්ත්වය, ස්නායු දුර්වලතා කොලෙස්ටරෝල් අධිකවීම, අධික රුධිර පීඩනය, අර්ශස් වැනි තත්ත්වයන් පැවැතීම සඳහන් කළ හැකිය. හිතා මතා සිදු කරන ක්‍රියාකාරකම් ගැන සඳහන් කළොත් අධික ලෙස මධ්‍යසාර පානය, දුම් පානය, උෂ්ණාධික ආහාර, අධික ආම්ලික ආහාර නිතර නිතර භාවිතය, ව්‍යාකූල මානසික හේතූන් වැනිදෑ බලපෑ හැකිය.
වෛද්‍යතුමනි දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් වැනි රෝග ලිංගික ශක්තිය දුර්වලවීමට බලපාන්නේ කෙසේද?
ඕනෑම කායික රෝග තත්ත්වයක් ශරීරයේ කාලයක් තිස්සේ පවතිනවිට කායික සුවතාවය බිඳ වැටීම නිසා යහපත් මානසික තත්ත්වයක් පවත්වාගෙන යැම අසීරු වේ.
එම නිසා ලිංගික උද්දීපනය ද නැතිවී යයි. මීට අමතරව දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙන විට එම තත්ත්වය ශරීරයේ සියලුම කොටස්වලට බලපාන අන්දමට මෞත්‍ර ලිංගික පද්ධතියේ ක්‍රියාකාරකම් වලටද බලපායි. එවායේ ක්‍රියාකාරිත්වය අඩපණ වන නිසා හෝමෝන ශ්‍රාවය වීම නිසි පරිදි සිදු නොවීම මගින් ශුක්‍රාණු නිපදවීම, ශුකාණුවල චලන වේගය දුර්වලවීම, ලිංගික හැසිරීම්වලට අවශ්‍ය පේශීන් දුර්වලවීම වැනි තත්ත්වයන් ඇතිවේ.
මේ නිසා කෙටි කාලීන සහ දීර්ඝකාලීන ලිංගික දුර්වලතා පැන නැඟිය හැකිය.
වෛද්‍යතුමනි මෙම තත්ත්වයට පිළියම් තිබේද?.
මූලික වශයෙන් පවතින රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා දෙන අතරම ඊට සමගාමීව ලිංගික ශක්තිය වැඩිකිරීමට ක්‍රමවේදයක් සැකසීම මෙහිදී සිදු කරනු ලබන නිවැරදි ආයුර්වේද වැඩපිළිවෙළකට යොමුවීමෙන් මෙම තත්ත්වයන් නිසැකවම සුවපත් කළ හැකිය.
මෙහිදී පුරුෂයින්ගේ ලිංගික ශක්තිය ඇතුළු අනෙකුත් කායික ශක්තීන් සංවර්ධනය කිරීම උදෙසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විසින් නිර්මාණය කර ඇති රසායන තන්ත්රය සහ වාජීකරණ තන්ත්රයට අදාළ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
වෛද්‍යතුමනි, ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීමේදී එම ඖෂධ වර්තමානයේ කාර්යබහුල දිවියක් ගත කරන අයට පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක් තිබෙනවාද?.
ඔව්. වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය නිසාම වැඩ කරන අතර තුර මෙවැනි රෝග තත්ත්වයන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහා පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ කාණ්ඩ ගණනාවක් නිෂ්පාදනය කර ඇත. ඒවා වැඩබිමක, කාර්යාලයක වැනි ඕනෑම සේවා ස්ථානයක හෝ විදේශගතව සිටින අයකුට වුවත් තම රැකියාවට අනුගතව භාවිත කළ හැකි නිසා බොහෝ සේ ජනප්‍රිය වී ඇත.
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0713009088 ඇමැතිය හැකිය
Share This Article