ලෝකයේ රටවල් 99 ක පරිඝනක පද්ධති අඩාල කරමින් ප්රබල සයිබර් ප්රහාරයක්
Saturday, 13 May 2017 - 9:17 | Views - 5,369
ප්රබල සයිබර් ප්රහාරයකින් ලෝකයේ රටවල් 99 ක පරිඝනක පද්ධති වලට බලපෑම් සිදුව තිබෙනවා.
මෙම සයිබර් ප්රහාරය හේතුවෙන් ඇමෙරිකාව, එංගලන්තය, රුසියාව, චීනය, ස්පාඥ්ඥය, ඉතාලිය, තායිවානය ඇතුළු රටවල් 99 ක පරිඝනක පද්ධති වලට බලපෑම් සිදුව ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම සයිබර් ප්රහාරය මගින් ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින බවද විදෙස් මාධ්ය වාර්තා වල වැඩිදුරටත් දැක්වෙනවා.
කෙසේ වෙතත් සයිබර් ප්රහාරය හේතුවෙන් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්රිතාන්යය සෞඛ්ය සේවා බලධාරීහු විදෙස් මාධ්ය වෙත ප්රකාශ කර ඇත්තේ සයිබර් ප්රහාරය හේතුවෙන් බ්රිතාන්යයේ ජාතික සෞඛ්ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවයි.
එය ඉතා කෙටි වෙලාවකින් යුරෝපය පුරා ආයතනවලට පැතිරෙමින් පවතින බවයි පරිඝණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විදෙස් මාධ්ය වෙත ප්රකාශ කර ඇත්තේ.
ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ මෙය එකිනෙකට සම්බන්ධ සිදුවීමක් බවයි.
Share This Article