වෙළඳපලට යන ඔබ තක්කාලි ගැනීමට බියවන්නේ ඇයි....?
තක්කාලි පලතුරක් ලෙස කෑමට ගන්න.
හාලිමැස්සෝ වැනි කිසිම කරවල් වර්ගයක් සමඟ එකට දමා පිසින්නට එපා.
නිතරම තනිකර කෑමට හෝ සලාද සාදා ආහාරයට ගැනීමට හුරුවීම ඉතාමත් ගුණදායකයි.
තක්කාලි ආහාරයට ගැනීම නුසුදුසු බව පවසන්නන් බොහෝයි.
තක්කාලි ශරීරයට විෂ සහිත බවද කියවෙනවා.
ඈත අතීතයේ තක්කාලි ශරීරයට විෂ සහිත බව පැරැන්නෝ පවසා ඇතිබව දේශීය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.

තක්කාලි ශරීරයට විශේෂයෙන් රුධිරයෙහි පටක වල ආම්ලික බව වැඩිකර රෝගී කරවන්නක් ලෙසින් සැලකූ බවත් කියවෙනවා.
ඒවගේම එළවලුවක් වන තක්කාලි පිළිබදව කරන ලද පර්යේෂණ වලට අනුව
එය සිරුරට ඉතාමත් ගුණ දායක බව රසායනික ව්ද්‍යාඥ්ඥයින් පිරිසක් සොයාගෙන තියනවා.
ඒ වගේම ඇතැම් රෝග නිවාරණයටද අවශ්‍ය ආහාරයක් ලෙස පිළිගෙන තිබෙනවා.
ඒත් මේ පිළිබඳ නොදන්නා අය තක්කාලි නිවසට ගෙන ඒමත් තහනම් කර ඇති බව අසන්නට ලැබෙනවා.

තක්කාලි වකුගඩු රෝගීන්ට අයහපත් බව පැවසුවද මෑතකදී ඇමරිකානු පර්යේෂකයන් විසින් කරන ලද පර්යේෂන වලට අනුව එය ඇතැම් වකුගඩු රෝගීන්ට ගුණදායක බව පවසා තිබෙනවා.
හේතුව එහි ආම්ලිකතාවය නිසා වකුගඩු රෝගීතාවය ඇතිකරවන විෂ සහිත ද්‍රව්‍යන් විනාශ කරවීමේ හැකියාවක් තක්කාලි වල තිබීමයි.
හිමිදිරියේ තක්කලි යුෂ පානය කිරීම නිසා
අක්මාවේ අලසකාරී ක්‍රියාකාරීත්වය ,පාණ්ඩුව, වාත අමාරු ආදිය මඟ හැරෙන බව විශේෂඥ්ඥයින් පවසා තිබෙනවා.
තක්කාලි කෑමෙන් මුත්‍රා ආබාද වැළක්වෙන බවද පවසා තිබෙනවා.
එම නිසා මුත්‍රා පිටවීමෙන් ඇතිවන වේදනාවන් වැනි දේවල් වැලකී යනවා.
තක්කාලි මඟින් මුත්‍රා වල ආම්ලික් බව පාලනය කරනවා.

තක්කාලි වල කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයක් තිබෙන නිසා දියවැඩියා රෝගීන්ට විෂේශයෙන් ගුණදායකයි.
ඒවගේම තක්කාලි වලින් සිරුරේ අනවශ්‍ය බර ඉවත් කරනවා.
තක්කාලි වල විටමින් බොහොමයක් අඩංගු නිසා ඇස්වල ඇතිවන නොපෙනීමේ ගැටළු වළක්වාගන්න බෙහෙවින් උපකාරී වෙනවා.
ඒ නිසා තක්කාලි සලාද ලෙස කෑම ඉතාමත් ගුණදායකයි.
ඒ නිසා තක්කාලි කන්න බය වෙන්න ඕන නෑ.