දත් කැක්කුමක් හැදුනම වෙනත් කැක්කුමක් හැදුනා වගේ නෙමෙයි, අපිට දරාගන්න බැරි වේදනාවක් විඳින්නට සිදුවෙනවා. හරියට ආහාරයක් ලබාගන්න බැරි වෙන්නත් පුළුවන්.
අපේ කාර්ය බහුලත්වය එක්ක දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්න වේලාවක් නැති වෙන්නත් පුළුවන්, ඒ වගේ අවස්ථාවක අපිට ගොඩක්ම වැදගත්වන අත් බෙහෙතක් ගැන තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය:කරාබු නැටි කුඩු තේ හැන්දක්
පොල්තෙල් තේ හැන්දක්
සාදාගන්නා ආකාරය:කරාබු නැටි කුඩු හා පොල්තෙල් එකට මිශ්‍ර කරගෙන තලපයක් සාදාගන්න.
භාවිතා කරන ආකාරය:සාදාගත් තලපයෙන් ස්වල්පයක් ගෙන වේදනාව තිබෙන දතේ හා ඒ අසල විදුරු මසේ ආලේප කරන්න.
තත්පර ගණනකින් ඔබේ දතේ වේදනාව සමනයවන ආකාරය ඔබටම දැනේවී.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -