අපේ රටට නත්තල රැගෙන ආවේ 1505 සිට 1650 දක්වා මේ රට පාලනය කළ පෘතුගීසීන් විසිනුයි. ඉන් පස්සේ 1658 සිට 1796 දක්වා මෙරට පාලනය කළ ලන්දේසි එහෙමත් නැතිනම් ඕලන්ද ජාතිකයන් වගේම 1815 සිට 1948 දක්වා බලයේ සිටි ඉංග්‍රීසි ජාතිකයන් අතින් මේ නත්තල් සැමරීම ලංකාව පුරා වඩ වඩාත් ව්‍යාප්ත වුණා. අපට නත්තල ගෙනා මේ යුරෝපා ජාතිකයන් වර්තමානයේ නත්තල් සමරන ආකාරය තමයි මේ.
පෘතුගීසීන්
පෘතුගීසි ජාතිකයන්ට නත්තල කියන්නේ තම පවුලේ සාමාජිකයන් එකට එක් වෙන දැවැන්තම උත්සවය. මෙදින එකිනෙකා අතර තෑගි බෝග හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් විශේෂ තැනක් දෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් නත්තල් ගස විදුලි බුබුළුවලින් සරසන්නේ නැහැ. පෘතුගීසි නත්තලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ළමයින් දෙසැම්බර් 25 වැනිදා හිමිදිරියේ නත්තල් සීයාගෙන් තෑගි බෝග අපේක්ෂා නොකිරීමයි. ඒ නත්තල් තෑගි ඔවුන් බලාපොරොත්තු වන්නේ ජනවාරි 5 වැනි දිනට යෙදෙන රජ තුන්කට්ටුවේ දිනයේදී. මෙදින ළමයින් තමන්ට තෑගි බෝග රැගෙන එන රජ තුන්කට්ටුවේ අශ්ව රිය අදින අසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා කැරට් හා පිදුරු බහාලූ බූට් සපත්තු ජනෙල් හා ෙදාරවල්වලට පිටතින් තබා තියෙනවා. පසුදින උදේ ඒවා තෑගිවලින් පිරී තිබෙනු දැකගත හැකියි.
නත්තල් දින රාත්‍රි දේව මෙහෙය වෙත ඔවුන් යන්නේ නිවෙසේ තැනූ නත්තල් ගස හා ගවලෙන වටා පවුලේ සියලුම දෙනා රැස්වීමෙන් අනතුරුවයි. දේව මෙහෙය නිම වී නිවෙසට ආ සැණින් කොඩ් මාළු, තැම්බූ අල හා ගෝවාවලින් සමන්විත රසවත් ආහාර වේලක රස විඳීම ඔවුන්ගේ චාරිත්‍රයක්. ආහාරයෙන් පසු බදින ලද වට්ටක්කාවලින් සාදාගත් තලපයක්, ෆ්‍රෙන්ච් ටෝස්ට් හා රවුම් හැඩැති කේක්වලින් සමන්විත අතුරු පසක්ද ඔවුන් භුක්ති විඳිනවා. නත්තල් දින දිවා ආහාරයට බැටලු හා එළු මස් මෙන්ම බූවල්ලන්ද අනිවාර්යෙන්ම අඩංගු වන අතර කෑම මේසයේ එක් කොනක් මියගිය ඥාතීන් වෙනුවෙන් වෙන් කොට තියෙනවා. නත්තල් දිනය පුරා ඔවුන් තම ගිනි උදුනේ ඕක් කොළ පිලිස්සීමත් එක් චාරිත්‍රයක්.
ලන්දේසි (නෙදර්ලන්ත)
පුරාණ ලන්දේසීන්ගේ දේශය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය යන නමිනුයි. නෙදර්ලන්තයේ ළමයින් නත්තල් සමයේ තෑගි බලාපොරොත්තු වන්නේ සින්ටක්ලාස් නමින් හඳුන්වන ශාන්ත නිකලස්තුමාගේ දිනයේදීයි. ඒ දෙසැම්බර් 6 වැනිදා. ශාන්ත නිකලස්තුමා ස්පාඤ්ඤයෙන් තෑගි බෝග රැගෙන නැව් නැඟ දෙසැම්බර් 6 වැනිදා ඇම්ස්ටර්ඩෑම් වරායෙන් නෙදර්ලන්තයට ගොඩබසින බවයි ළමයින් විශ්වාස කරන්නේ. මෙය සංකේතවත් කරමින් වරායට පැමිණෙන නැවක් ඇම්ස්ටර්ඩෑම් නගරාධිපතිවරයා ඇතුළු ජනතාව මහත් හරසරින් පිළිගනු ලබන අතර නැවෙන් ගොඩබසින සින්ටක්ලාස් සුදු අසුන් බැඳි රියකින් නෙදර්ලන්ත රජ මාලිගාව වෙත කැඳවාගෙන යන අතර එහිදී රැජන විසින් ඔහු පිළිගනු ලබනවා.
මේ ශාන්ත නිකලස් දිනය සැමරීම සඳහා 'ලෙටර් කේක්' එකක් සෑදීම නෙදර්ලන්ත (ඕලන්ද) ජාතිකයන්ගේ සිරිතක්. මෙය සාදනු ලබන්නේ පවුලේ වාසගමේ මුල් අකුරේ හැඩයටයි.
මොවුන් තෑගි බෝග දෙන්නෙත් අපූරු ආකාරයකටයි. තමන් දෙනු ලබන තෑග්ග යම් තැනක සඟවා එය සොයා ගැනීම සඳහා හෝඩුවාවක් දෙනු ලබනවා. මුලින්ම තෑග්ගක් ලෙස කුඩා පෙට්ටියක බහාදෙනු ලබන්නේ මේ හෝඩුවාව සඳහන් කොළ කැබැල්ලයි. නැඟෙනහිර නෙදර්ලන්තයේ නත්තලේ ආරම්භය පිළිබඳව දැනුම්දෙනු ලබන්නේ නත්තල් දිනට සති 4කට පෙර උදා වන හිරු දිනයි.
ඔවුන් එදින පැරැණි ගස් කඳකින් නිර්මාණය කළ නළාවක් පිඹීම මඟින් එය සිදු කරනු ලබනවා. මෙය නත්තල උදා වන තුරුම සෑම රාත්‍රියකම සිදු කරනවා.
නෙදර්ලන්තයේ නත්තල් කෑම මේසයේ බදින ලද හාවුන්, මුව මස්, පාත්තයන් සහ කළුකුම් මස් වරදින්නේ නැහැ. රාත්‍රි ආහාරයෙන් පසුව ගිනි උදුන වටා රැස්වන පවුලේ අය කතා කියමින් හා කැරොල් ගී ගයමින් කාලයගත කරනවා.
එක්සත් රාජධානිය (ඉංග්‍රීසින්)
ඉංග්‍රීසි ජාතිකයන්ගේ නිජ බිම වන එක්සත් රාජධානියේ ළමයින් නත්තලට පෙර තමන් කැමැති දේ කොළයක ලියා කවරයක දමා ගිනි උදුනට දැමීම සිරිතක්. එසේ කරන්නේ එම ලිපිය නත්තල් සීයා වෙත යෑම සඳහායි. ඉන් පස්සේ නත්තල් දිනයේ අලුයම නිවෙසට පිටතින් හෝ ගිනි උදුන අසල තෑගි බෝග බහාලීම සඳහා ස්ටොකින් මේස් එකක් එල්ලා තබනු ලබනවා.
මොවුන්ගේ නත්තල් කෑම මේසය පිළියෙල වන්නේ දෙසැම්බර් 25 දින දිවා කාලයේයි. රෝස්ට් කරන ලද කළුකුමෙක්, එළවළු සහ සෝස් වර්ග නත්තල් කෑම මේසයේ අනිවාර්ය අංගයි. ඒ වගේම අතුරුපස අතර ක්‍රිස්මස් පුඩිං සහ බ්‍රැන් සෝස් වරදින්නෙ නැහැ. නත්තල් දිනයට පසු දින සැමරෙන 'බොක්සිං ඩේ' ද එක්සත් රාජධානියේ නත්තල් සැමරුම අතර විශේෂයි. මෙදින කාඩ්බෝඩ් පෙට්ටිවලට එක්රැස් කරන මුදල් හා තෑගි බෝග දුප්පතුන්ට ලබා දීම සඳහා පල්ලිවලට භාරදෙනු ලබනවා. මේ හැම දෙයක්ම සමඟින් බි්‍රතාන්‍ය ජාතිකයන් නත්තල් දිනයේ මහත් අපේක්ෂාවෙන් බලා සිටින ප්‍රධානම දේ වන්නේ මහ රැජනගේ නත්තල් පණිවුඩයයි. කොහේ සිටියත් එය විකාශනය වන වෙලාවට ඊට සවන් දීම සියලුම බි්‍රතාන්‍ය වැසියන්ගේ පුරුද්දක්.
- උපුටා ගැනීමකි -
265 Views
178 Views
169 Views
196 Views
138 Views
93 Views
105 Views
118 Views
168 Views
174 Views
85 Views
127 Views
114 Views
108 Views
265 Views
72 Views
64 Views
61 Views
56 Views