විභාග ප්‍රශ්න පත්‍රවල ‘රහස්‍යභාවය’ අවසන්ද? ඔබේ උත්තර පත්‍රය RTI මගින් ලබාගන්නා හැටි මෙන්න.
Thursday, 14 May 2026 - 9:56 | Views - 71

ශ්‍රී ලංකාවේ විභාග පද්ධතිය තුළ මෙතෙක් පැවති රහස්‍යභාවයේ සීමාවන් බිඳ දමමින්, අභියාචනාධිකරණය විසින් ඉකුත් මැයි 08 වන දින ඉතා වැදගත් තීන්දුවක් ලබාදුන්නා.
ඒ අනුව, ඕනෑම අපේක්ෂකයෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ තමන් ලියූ, ලකුණු කරන ලද විභාග උත්තර පත්‍රය ලබා ගැනීමට දැන් නීතිමය අවසරය හිමිවෙලා තිබෙනවා.
මේ තීන්දුවට මුල් වූයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි ප්‍රවේශ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවකගේ පියා විසින් ඉදිරිපත් කරන ලද RTI ඉල්ලීමකි.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් "විභාගයේ රහස්‍යභාවය" පවසමින් මෙය ප්‍රතික්ෂේප කළත්, "උසස් අධ්‍යාපන ආයතනවලට හැංගිමුත්තන් සෙල්ලම් කළ නොහැකි" බව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව හා පසුව අභියාචනාධිකරණය තීන්දු කළා.
කථිකාචාර්යවරුන් හෝ පරීක්ෂකවරුන් අතින් සිදුවන අගතිගාමී ලකුණු ලබා දීම් හෝ වැරදි නිවැරදි කර ගැනීමට මින් ඉඩ සැලසෙනවා.
මෙය විශ්වවිද්‍යාලවලට පමණක් නොව, අනෙකුත් රජයේ තරග විභාග සඳහා ද පූර්වාදර්ශයක් ලෙස භාවිතා කළ හැකිය.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටද අනුකූලව, ඇගයීමට ලක්කළ පිළිතුරු පත්‍රයක් යනු එම ශිෂ්‍යයාට අදාළ "තොරතුරක්" බව අධිකරණය පිළිගෙන තිවෙනවා.
ඔබ පෙනී සිටි විභාගයක ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම්, පළමුව අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියා වෙත RTI ඉල්ලීමක් යොමු කරන්න.
ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ආයතනයේ බලයලත් නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්න.
එතැනින් ද සාධාරණයක් ඉටු නොවන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ හැකිය.
BBC පුවත් ඇසුරෙන්...
Share This Article