කාන්තාවන්ගේ නිකටේ හැඩයෙන් හෙළිවන රහස් මෙන්න
Tuesday, 09 May 2017 - 13:19 | Views - 10,880

කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරන විවිධ ශරීර අංග මගින් නිකට කියන්නේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධානතම අංගයක්. රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය, හැඩය අනුව ස්ත්‍රියක් වාසනාවන්තද, අවාසනාවන්තද, සාමාන්‍ය ජිවිතයක් ගතකරන්නේද යන්න දේහ ලක්ෂණ විද්‍යාව දත් අයකුට පහසුවෙන් පැවසිය හැක.
මේ ලිපියෙන් කියවෙන්නේ ස්ත්‍රී නිකටේ සුබ අසුභ දේහ ලක්ෂණ විද්‍යාවේ දක්වා ඇති ආකාරයයි.
නිකට බෙදි හෝ කඩතොළු වු ස්ත්‍රිය
කාමාදිතය, ලැබුන තැන තමා රාගාධිත සිත සංසිදවා ගනී. තවද මෙවන් ස්ත්‍රිය කිසිදිනක විස්වාස කර නොහැක. කියන දේ කරන, කරන දේ කියන යථාවාදී කතාකාරී ගුණය මෙවන් ස්ත්‍රිය තුල නැත. නිතර වචන වෙනස් කරයි.
පළල නිකටක් පිතිටි ස්ත්‍රිය
ඇය කොතරම් වස්තුව තිබුනත් සැහීමකට පත් නොවේ. තවද සැමියා රවටන, තම සැමියාට බොරු කරුණාවක් දක්වන අයෙකි. මෙවන් ස්ත්‍රිය රාගාධික වන අතර රහසිගත වැඩ වලට දක්ෂය.
දික්වූ නිකටක් සහිත ස්ත්‍රිය
මවාගත් සිහින ලෝක වල ජිවත් වෙයි. ඊර්ෂයා සහිතය, කුහක ගතිවලින් පිරුණු අයෙකි. මොවුනට අගහිගකම් මැද ගෙවන ජිවිතයක් හිමි වේ. ජීවිතය ගැන විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් පොදි බැදගත් ස්ත්‍රියකි. තවද මොවුන් තුල කරුණාවන්තකම හා අනුන්ට උදව් කරන ස්වභාවය අඩුය.
උල් වු නිකටක් සහිත ස්ත්‍රිය
ඉතා ආත්මාර්ථකාමීය. කිසිවකුට ඇහුම්කම් නොදේ. තම මතය වැරදි වුවද ක්‍රියාවට නගයි.
තමා අාදිපත්ය පතුරවයි. සැප සම්පත් වලට අසීමිතව ආශා කරයි. අනුන්ව වසගයට ගනී. තවද මෙවන් ස්ත්‍රිය අනුන්ගෙන් උදව් උපකාර ලබා ගනී,නමුත් පෙරලා උදව් නොකරයි. අහංකාරය, උඩගුය. ඉක්මනින් කෝපයට පත්වේ. හිතුවක්කාරය. මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ද්විත්ව චරිත රගපැමය.
නිකටේ ද්විභින්න භාවය ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රියන් බලාපොරොත්තු පොදි බැදගත් ස්ත්‍රියන් වේ. හැගිම්බරය.සිතින් විදවයි. මොවුනට කරන වැඩවලින් හොද නොවේ නරක සිදුවේ. මොවුන්ගේ ජිවිත අවුල් වන්නේ දකින දකින දේ කරන්න යාමෙනි.
නිකට කෙටි වී රවුම් වු ස්ත්‍රිය
අභ්‍යන්තර ගෞරවයට හා ප්‍රසංසාවට ලක් වේ. සියලූ සැප සම්පත් ලැබේ. මෙවන් ස්ත්‍රියන්ගේ සැමියා බොහෝ ගුණගරුක කෙනෙකි. සැමියාගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබේ. දරුවන්ගේද ආදරය නොඅඩුව ලැබේ. මෙවන් ස්ත්‍රියන් අසරණයන්ට උදව් කරයි. ඉතා කරුණාවන්තය. ගුණදම් රකියි. සැවොම ආදරය කරයි.
මස් රහිත නිකටක් සහිත ස්ත්‍රිය
ජීවිතය ගොඩනැගීමට අපමණ දුක විදි. තම සැමියාගෙන්ද ආදරය, කරුණාව නොලබයි. මෙවන් ස්ත්‍රීන් මැසිවිලි, ආඩපාලි, තියුනු වචන නිතර නිතර කියයි. තම සැමියාට වධක භාරියාවක් වේ. එම නිසා නිතර සැමියාගේ ප්‍රහාරයට ලක් වේ. දරුවන්ට ආදරය නොපෙන්නයි. නිවසින් පිටතදී සිය සැමියා හා දරුවන් සමගින් ඉතා ආදරයෙන් හා සතුටින් ඉන්නා බව පෙන්වයි.
නිකටේ රැවුල් ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රියන්ට යහපත් අනාගතයක් නැත. නිතර පාප ක්‍රියාවල යෙදේ. මොවුන් තුල කරුණාවන්ත බව අඩුය.
නිකටේ සියුම් ලෝම පිහිටි ස්ත්‍රිය
ඉතා රාගාධිකය, මෙවන් ස්ත්‍රින්ගේ විවාහයද අසාර්ථක වේ.
නිකට හතරැස් හැඩයක් ගත් ස්ත්‍රිය
බොහෝ කල්පනා ශක්තිය ඇත. දක්ෂ කාන්තාවකි. මෙවන් ස්ත්‍රියන් සමාජයේ ඉහල යන්නේ දක්ෂකම නිසාවෙනි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article