Mouthwash වලින් කරන්න පුළුවන් ඔබ නොදන්න වැඩ ගොඩක් මෙන්න
Monday, 08 May 2017 - 11:43 | Views - 5,240
Mouthwash එකක් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මුඛ සෞඛ්‍යය රැකගන්නයි. ඒත් ඇත්තටම Mouthwash එකකින් මුඛ සෞඛ්‍යය රැක ගන්නවා වගේම තව ගොඩක් වැඩ අපිට කරගන්න පුළුවන්. මේ ලිපියෙන් කියවෙන්නේ Mouthwash එකක එවැනි ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

1. දෛනිකව සපත්තු පැළඳීම නිසා පාදවල යටිපතුලේ ඇති දුගඳ නැති කර ගැනීමට

නෑවට පස්සේ රෙදි කැබැල්ලකට Mouthwash ටිකක් දමා, ඔබේ කකුලේ යටිපතුල් වල ආලේප කර හොඳින් පිරිමදින්න. සපත්තු පැළඳීම නිසා පාදවල යටි පතුලේ ඇතිවන දුගඳ නැති කරගැනීමට මෙය කදිම විසඳුමක්.

2. ගෘහණියන්ට වැදගත්මවන කරුණක්

ළුණු, සුදු ළුණු, මාළු, කරවල වගේ දේවල් කැපුවට පස්සේ අපේ අත් කොච්චර සබන් දාලා හේදුවත් සමහර වෙලාවට ඒ ගඳ යන්නේ නෑ. මේ වෙලාවට Mouthwash ටිකක් අතේ ගාලා මද වේලාවක් හොදින් අත්දෙක පිරිමදින්න. ඔබේ අතේ දුගද නිසැකවම ඉවත්වේවී.

3. උකුණන් මර්දනය කිරීමට

Mouthwash හොදින් හිසේ අලේප කර shower cap එකකින් හිස ආවරණය කර මිනිත්තු 20 ක් පමණ තබන්න. පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

4. හිස්හොරි වලක්වා ගැනීමට

පළමුව ඔබ භාවිතා කරන සාමාන්‍ය shampoo වර්ගය භාවිතා කර හිස සෝදාගෙන පිරිසිදු කරගන්න. පසුව වතුර සහ Mouthwash සමාන ප්‍රමාණ වලින් අරගෙන මිශ්‍රකරගෙන, එය හිස් කබලේ ආලේප කර මිනිත්තු 5ක් පමණ තබා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

5. දහඩිය දුගද නාශකයක් ලෙස

ඔබේ කිහිලි ප්‍රදේශයේ Mouthwash ස්වල්පයක් අලේප කිරීම මගින් ඔබට පුළුවන් දහඩිය දුගද වළක්වා ගැනීමට.

6. Facial Toner එකක් ලෙස

Mouthwash වලට හැකියාවක් තිබෙනවා කුරුලෑ ඇතිවීම වැලැක්වීමට. මේ නිසා ඔබට පුළුවන් facial toner එකක් ලෙස Mouthwash භාවිතා කරන්න.

7. කකුලේ සහ අත්වල ඇගිලි සහ නියපොතු පිරිසිදු කර ගැනීමට

විනාකිරි සහ Mouthwash සමාන ප්‍රමාණ වලින් අරගෙන හොදින් කවලම් කරගෙන දවසට දෙතුන් පාරක් ඇගිලිවල සහ නියපොතු වල අලේප කරන්න. සතියක් යනවිට ඔබටම බලාගන්න පුළුවන් ප්‍රථිපල.

8. මදුරුවන් සපාකෑම නිසා ඇතිවෙන කැසීම සමනය කිරීම

මදුරුවන් සපාකෑම නිසා ඇතිවෙන කැසීම පාලනය කරගැනීමට Mouthwash ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කරන්න. ඔබට ඉක්මණින්ම සහනයක් දැනේවි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top