ඔබත් නින්දට පෙර දුරකථනය භාවිතා කරන්නෙක්ද? එහෙනම් මේ ලිපිය ඔබට බොහෝ වැදගත් වේවි
Sunday, 16 December 2018 - 21:00 | Views - 27,920
නිදා ගන්නට ගිහින් බොහෝ වෙලාවක් යනකං ජංගම දුරකතනය භාවිතා කර කර ඉන්න එක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. එහෙම කරලා නිදාගැනිමේ අපහසුතා, ඇස්වල අපහසුතා දැනිලා ඇති.

වර්තමානයේදි ජංගම දුරකතනය කියලා කියන්නේ ජිවිතයේම කොටසක් වෙලා. අතන මෙතන කොතන ගියාත් ජංගම දුරකතනය අතේ. මැසේජ් බලන්න, කෝල් කරන්න, වෙබ් බ්‍රවුසින්, ඊමේල් මේ සියල්ලටම ඇගිලි තුඩේදුර. ඉතින් නිරායාසයෙන්ම දුරකතනය නිදි පැදුරටත් ඇවිත්.

සොබාදහමෙන් අපිට ලැබෙන ආලෝකය තමයි අපිට නිදාගන්න හා නැගිටින්න කියන පණිවිඩ අපේ මොලයට ලබාදෙන්නේ. මේ පණිවිඩ අනුව යමින්, අපේ මොලයේ තියන කේතු දේහ වලින් ශ්‍රාවය කරන ‘‘මෙලටොනින්‘‘ කියන හෝමෝන වල උදව්වෙන් අපේ සිරුර තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා.



ජංගම දුරකතන වල තිරය මගින් අධික ලෙස දෘෂ්‍ය ආලෝකය නිකුත් කරනවා. අපිට මෙය තනි එලියක් ලෙස පෙනුනත්, දෘෂ්‍ය ආලෝකය කියන්නේ වර්ණ 7ක සංයෝජනයක් කියලා මිතුරන් දන්නවානේ. ඉතින් මේ වර්ණ හැම එකක්ම එකම විදිහට අපේ සිරුරට බලපාන්නේ නැ. මෙහි අන්තර්ගත නිල්පැහැයට අදාල සංඛ්‍යාතය සහිත තරංග ඇස මත පතිත වෙනවා. මේ හේතුවෙන් අපේ මොලයට පණිඩය යන්නේ, අපි නිදාගන්න තවමත් සූදානම් නැ කියලා. ඉතින් මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය වීම නවතිනවා. මේ හේතුව නිසා ඔයාලාගේ නින්ද පරක්කු වෙනවා. සමහර වෙලාවට නිදාගන්න ඕනා උනත් නිදාගන්න බැ. නින්ද ගියත් එය සුවදායක නින්දක් වෙන්නේ නැ. ඔයාලාට මේ අත්දැකිම විදලා ඇති.

නින්ද කියන්නේ අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. සිරුරේ ඇති ජිව විද්‍යාත්මක ඔරලෝසුව මගින් අපිට නිදාගන්න කියද්දි, මේ වගේ බාහිර බලපැම් මගින් නින්ද පමාවෙන එක සිරුරට බලපානවා. නිසි ලෙස නිදි නොලැබිම,

  • දියවැඩියාව
  • හෘද රෝග
  • අක්ෂි රෝග
  • ආඝාතය
  • ආතතිය
වගේ තත්ත්ව ඇති කරන්න පුලුවන්.

හොදම දේ තමයි නිදාගන්න කලින් ජංගම දුරකතනය භාවිතා කිරිම අවම කරන එක.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top