සිසේරියන් සැත්කම නිසා ගැටලු ඇති වෙනවාද?
Friday, 14 December 2018 - 14:01 | Views - 3,641

සිසේරියන් සැත්කමකට මුහුණදෙන මවකට සාමාන්‍ය දරු උපතකට මුහුණ දුන් මවකට වඩා දැනෙන අපහසුතා වැඩිය. මෙය උදර සැත්කමක් බැවිනුත් දරු ප්‍රසූතියක් බැවිනුත් ඇති වන අපහසුතා වැඩි ය. සැත්කමින් පසු මුල් දිනය තුළ එම අපහසුතා බහුල අතර, එය ක්‍රම ක්‍රමයෙන් දින කිහිපයක දී මගහැරී යනු ඇත. බොහෝ විට දින 3 ක් වැනි කාලයක දී එම තදබල අපහසුතා මගහැරි යන්නට පටන් ගනී. මෙවන් සැත්කමක් සිදු කිරීමේ දී ක්‍රම 2 ක් යොදාගනු ලබයි. එ් මව සිහිනැති කර හෝ එන්නතක් මගින් හිරිවැටීමකට ලක්කොටයි.
නිර්වින්දන ඖෂධ හේතුවෙන් බොහෝ විට පැය කිහිපයක් යනතුරු අධික මත් ගතියකට මවට මුහුණදීමට සිදු වේ. එමෙන්ම උදර ප්‍රදේශයෙන් වේදනාවක් ඇති වීම ද සිදු වේ. මවක් සාමාන්‍ය දරු ප්‍රසූතියක් අපේක්ෂා කළ ද විවිධ සංකූලතා හේතුවෙන් බලාපොරොත්තු නොවූ මොහොතක මෙවැනි සැත්කමකට මුහුණදීමට සිදු විය හැකිය. එවැනි විටෙක මවට තිගැස්මක් ඇති වන අතර, එය බොහෝ දුරට බලපාන්නේ ළදරුවාට මව්කිරි දීමේ දී ය. එයට තවත් එක් හේතුවක් වන්නේ උදරයේ කැපුම් තුවාලය හේතුවෙන් මවට වේදනාවක් දැනීම ය. එහෙත් මවක් එම සැත්කම කර පැය කිහිපයකින් මව්කිරි දීම ආරම්භ කළ යුතු ය. මවට දරුවා කෙරෙහි වන ආදරයත්, ආත්ම විශ්වාසයත් මේ සඳහා වැදගත් වේ. එහිදී මව කොතරම් අපහසුතාවෙන් සිටියත් දරුවාට මව්කිරි ලබාදීම මගින් මවට මානසික සහනයක් හිමිවන අතර, එය ඇය සිටින ශාරීරික අපහසුතාවලින් මිදීමට ද කිසියම් අනුබලයක් ලබාදෙයි.
කෙසේ වුවත් සිසේරියන් සැත්කමකට භාජනය වූ මවකට මුල් දින කිහිපය තුළ මව්කිරි ලබාදීමේ දී නොයෙකුත් ගැටලූ ඇති වේ. දරුවා මව්කිරි ලබාදීම සඳහා ඉරියව්ගත කිරීමේ දී උදරයේ කැපුම මතට බර නොයෙදෙන අයුරින් අල්ලා ගැනීම වැදගත් ය. මෙය මවට තනිවම කරගත නොහැකි නම්, වැඩිහිටි අයකුගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ලබා ගැනීම වැදගත්ය. නොඑසේ නම්, දරුවාට මව්කිරි දීමේදී පීඩාවක් ඇති විය හැකිය. සැත්කමින් දිනක් දෙකක් ගත වන විට මවට පහසු ඉරියව්වකින් මව්කිරි ලබාදීම කළ හැකිය. මෙහිදී පහසු ඉරියව්වක් යනු යමකට හොඳින් කොන්ද ආධාර කර ගැනීමය.
උදා :- ඇඳ විට්ටමට හේත්තු වී සිටීම.
මව නිර්වින්දනය කර සිසේරියන් සැත්කමට භාජනය කර ඇත්නම් දරු ප්‍රසූතිය වී ටික වේලාවක් යනතුරු ඇයට එ් පිළිබඳ දැනීමක් නොමැත. එම නිසා දරුවාට මුල් පැය ඇතුළත මව්කිරි ලබාදීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහාය වැදගත් වනු ඇත. සිසේරියන් සැත්කමින් පසු මවට සාමාන්‍ය ආහාර වේලක් නොලැබෙන නිසා දරුවාට අවශ්‍ය තරමින් මව්කිරි නිපදවේදැයි යන ගැටලූව බොහෝ දෙනෙකු තුළ තිබේ. එහෙත් පළමු පැය තුළ දරුවාට මව් කිරි ලබාදීමට එ් කිසිදු කරුණක බලපෑමක් නොමැත.
කිරි නිපදවීම
සිසේරියන් සැත්කමින් පසු පළමු දින (බොහෝ විට* මවට කෑමට හෝ බීමට කිසිවක් නොලැබේ. එසේ වුවත් අන්තර්ශීරා ද්‍රාවණ (සේලයින්* ලබාදීම සිදු වේ. එමෙන්ම ගර්භණී කාලයේ මවගේ ශරීරයේ තැන්පත්ව තිබූ මේද දියකර කිරි නිපදවීමට අවශ්‍ය පෝෂක මෙමගින් ලබාගනී. මුල් දිනයේ දී මවට ලැබෙන සේලයින්වලින් කිරි නිපදවීමට අවශ්‍ය ජල ප්‍රමාණය නොඅඩුව ලැබේ.
පළමු දින දෙක තුන දී මවට සාමාන්‍ය ආහාර වේලක් ගත නොහැකි වුවත් නිපදවෙන කිරි ප්‍රමාණයත්, කිරිවල ගුණයත් අඩුවන්නේ නැත. මුල්දිනවල දී ළදරුවාට අවශ්‍ය වන්නේ කිරි ස්වල්ප ප්රමාණයකි. අලූත උපන් දරුවකුගේ කුසේ ප්‍රමාණය තේ හැඳි 4 ක් පමණ වේ. එනම් එම දරුවාට අවශ්‍ය වන්නේ කිරි මිලිලීටර් 20 ක පමණ ප්රමාණයකි.
සිසේරියන් සැත්කමට පසු
බොහෝ අවස්ථාවල සිසේරියන් සැත්කම සිදු කළ මවක් තමන්ගෙන් නිපදවෙන කිරි ප්‍රමාණය අඩු වී ඇති බවට සිතනු ලබයි. මව්කිරි නිපදවීමට සිසේරියන් සැත්කමේ බලපෑමක් නැතත් දරුවා කිරි උරා බොන ආකාරය අනුව කිරි නිපදවීමේ ගැටලූ තිබිය හැකිය. එම තත්ත්වයෙන් අත්මිදීමට නම් දරුවා කිරි උරා බොන ක්‍රමය වඩාත් නිවැරැුදි විය යුතුය. නියමිත ආකාරයට කිරි උරා බීම සිදුවන විට පියයුරු තුළ නැවත නැවත කිරි නිපදවීම නිසියාකාරව සිදු වේ. එසේ නොමැතිව සිසේරියන් සැත්කමක් සිදු කිරීම නිසාම කිරි නිපදවීමේ අඩුවක් සිදුවන්නේ නැත. එ් අනුව කිරි උරා බීමේ ක්‍රියාවලියට සිසේරියන් සැත්කමක් නිසා බාධා ඇතිවන්නේ පහත කරුණු නිසා විය හැකිය.
එනම්,
දරුවාට ලබාදෙන පළමු කිරිවේල ප්‍රමාද වීම
පළමු කිරිවේල දරුවා ඉපදී පැය බාගයක් පැයත් අතර ලබාදීමට ක්‍රියා කළ යුතු ය. දරුවා කිරි උරාබීම පමා වුවහොත් කිරි නිපදවීම ද පමා විය හැකිය. එබැවින් ශල්‍යාගාරය තුළදීම පළමු කිරිවේල ළදරුවාට ලබාදීම බොහෝ විට වැදගත් ය.
* දරුවා අඬන සෑම වාරයකදී ම මව්කිරි ලබානොදීම මගින් මවට ඇති වේදනාව හා නිර්වින්දන ඖෂධ නිසා අධික ලෙස මත්ව සිටීම ආදිය මගින් මව්කිරි නිපදවීමේ අඩුවක් සිදුවිය හැකිය. මෙයට බලපාන තවත් කරුණක් වන්නේ මව් පියයුරේ නිපදවෙන කිරි ඉවත් නොවීමෙන් යළි යළිත් කිරි නිපදවීම අඩුවීමයි.
* සැත්කමින් පසුව මවට ඇති වන වේදනාව හේතුවෙන් දරුවා පියයුරට නිවැරැුදිව ඉරියව් නොකළහොත් දරුවාගේ මුඛය නිසි අයුරින් පියයුරට යොමු නොවේ. එවිට නියමාකාරව පියයුර හිස් නොවන නිසා කිරි නිපදවීම අඩුවීමට ඉඩ ඇත. සිසේරියන් සැත්කම ආශ්‍රිතව ඇතිවන බාහිර හේතු නිසා කිරි නිපදවීම අඩුවිය හැකි වුවත් සැත්කම නිසා කිරි නිපදවීමට බලපෑමක් ඇති වේ යැයි සිතීම වැරදිය.
මේ අනුව සිසේරියන් සැත්කමකට භාජනය වූ මවක් තමන් සිටින අපහසුතාවලින් ක්‍රමයෙන් මිදීමට නම් දරුවාට නිසි ලෙස මව්කිරි ලබාදීම වැදගත්ය.
කිරි දීමේ ගැටලූ
දරුවකු බිහිවීමෙන් පසු හැකි ඉක්මනින් ළදරුවාට ‘මව්කිරි’ ලබාදීම අවශ්‍යය. එමගින් මවත් දරුවාත් අතර බැඳීම වඩාත් ඉක්මනින් ඇරඹේ. මෙය මවට මෙන්ම බිලිඳාට ද වැදගත් වන්නකි. සිසේරියන් සැත්කමකට ලක් වූ මවක් වුවද, මව්කිරි දීම කළ යුත්තේ සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතිය සිදු කළ මවක් මව්කිරි ලබා දෙන ආකාරයටමය. එහෙත් උදරයේ ඇති කැපුම හේතුවෙන් ඇතිවන වේදනාව නිසා දරුවා පියයුරට ඉරියව් කිරීම බොහෝ දුරට දුෂ්කරය. එම නිසා පහසු ඉරියව්වකින් දරුවා පියයුරට යොමු කිරීම අවශ්‍යය.
දරුවා පියයුරට ඉරියව් කිරීම
මෙහිදී දරුවා මවට ඉතා සමීපව මව දෙසට හැරීම අවශ්‍යය. දරුවාගේ පපුව මවගේ පපුවට තදවන සේ දරුවා පියයුරට ළං කිරීම අවශ්‍යය. මෙහිදී දරුවාගේ නාසය හා මවගේ තන පුඩුව එකම මට්ටමේ තිබිය යුතුය. එසේ නොවුණහොත් (දරුවාගේ මුඛය තනපුඩුවට උඩින් හෝ පහළින් තිබීම* නිසි අයුරින් කිරි උරා බීමට බාධාවක් විය හැකිය. මෙහිදී දරුවාගේ හිස, උරහිස පමණක් නොව මුළු ශරීරයම මව විසින් හෝ වෙනත් අයකු විසින් අත දිගේ ආධාර කර ගැනීම අවශ්‍යය.
සැත්කමේ දී වේදනා නාශක භාවිතය
ඇතැම් විටෙක මේ පිළිබඳ වැරදි මත බොහෝදෙනකු තුළ තිබේ. කෙසේ නමුත් සැත්කමක දී මවට ලබාදෙන වේදනා නාශක ඖෂධ නිසා මව්කිරි නිපදවීමට බලපෑමක් ඇති වනවා ද යන ගැටලූව බොහෝ දෙනෙකු තුළ තිබේ. කෙසේ වුවත් දරුවාට හෝ මව්කිරි ලබාදීමට බලපෑමක් කෙරෙන වේදනා නාශක ඖෂධ මෙහිදී භාවිතයට නොගැනේ.
සිසේරියන් සැත්කමකින් පසු ළදරුවාට ළදරු කාමරයේ (නොමේරූ ළදරු එ්කකයේ* සිටීමට සිදු වුවහොත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබේ. ඇතැම් විටෙක දරුවාට මුල් දිනයේ මුඛයෙන් කිසිවක් ලබා නොදිය යුතු අවස්ථා තිබේ.
කෙසේ වුවත් මව්කිරි නිෂ්පාදනය ඇරඹීමට අවශ්‍ය බැවින් මව දරු ප්‍රසූතියෙන් පැය තුනක් ඇතුළත මව්කිරි ෙදාවා අස්කළ යුතු වේ. අනතුරුව දිගින් දිගටම මෙය පැය තුනකට වරක් මව්කිරි ෙදාවා ඉවත් කිරීම කළ යුතුය. නොඑසේ නම් පසු දිනයේ සිට දරුවාට මව්කිරි ලබාදීමේ දී කිරි තද වන්නට ඉඩ ඇත. මෙය මවට අපහසුවක් ගෙනෙන්නකි. එබැවින්ම ඉහත ආකාරයට පියයුරෙන් කිරි ඉවත් කළ විට එය දරුවා කිරි උරා බීමට සමාන බැවින් කිරි නිෂ්පාදනය වීමට ද බාධාවක් නොවේ. තවද මවට කිරි තදවීමක් ඇති වුවහොත් දැනෙන වේදනාව වැඩි බැවින් ඉහත ආකාරයට කිරි ඉවත් කිරීම මගින් ගැටලූ අවම කර ගත හැකිය.
තවත් විටෙක වෛද්‍යවරයාගේ අවසර සහිතව ළදරු කාමරයට ගොස් ළදරුවාට මව්කිරි ලබාදිය හැකිය. එ් අනුව සැත්කමක් නිසා වුවද, මව්කිරි ලබාදීමට බාධා ඇති කර නොගත යුතුය.
මව්කිරිවලට සමකළ හැකි ගුණදායී කිසිවක් මිහිමත නොවේ. එය සෑම ළදරුවෙකුගේම අයිතියක් වන අතර එම අයිතිය දරුවාට ලබාදීම මවගේ යුතුකමකි.
දරුවාට වාසි ගොඩක්
දරු උපතකින් පැයක්, පැය භාගයක් අතර කාලයේ දී බිලිඳාට මව්කිරි ලබාදීම ඉතා වැදගත් බව ඔබ දන්නා කරුණකි. මව හා දරුවා අතර බැඳීම ඉක්මනින්ම ඇති වීමට නම් ඉක්මනින්ම දරුවාට මවුකිරි ලබාදිම වැදගත්ය. එහිදී මවගේ ශරීරය හා දරුවාගේ ශරීරය එකට ගැටීම මගින් දරුවා මවු උණුසුමට වඩාත් ඉක්මනින් ළං වීම සිදු වේ. දරු උපත සිදු වී පැය භාගයක් පැයක් අතර කාලයේදී දරුවාට මවුකිරි ලබාදීමට නොහැකිවන අවස්ථා තිබේ. එ් දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු වීමත්, මවට දරු ප්‍රසූතියත් සමග බරපතළ සංකූලතා ඇති වීමත් ආදී හේතූන් නිසාය. කෙසේ වුවත් දරුවාට ලැබිය යුතු පළමු ආහාරය මව්කිරිය.
විශේෂඥ වෛද්‍ය
මිල්හාන් බාචා
Share This Article