අවුරුදු දෙකක් පුරා එකදිගට ඉක්කා ගසන තරුණයෙක්
Wednesday, 22 February 2017 - 12:54 | Views - 4,398
ඉක්කා ගැසීම කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා මහා කරදරකාරී ලෙඩක්.ඇත්තටම මේ ඉක්කා ගැසීම එතරම් වෙලා රැඳිලා තියෙන්නේ නැහැනේ. ඉක්කා ගසන විට අපි කරන්නේ වතුර ටිකක් බොන එක. එතකොට ඉක්කාව නිකන්ම නවතිනවා. ඒ වගේම සමහරු හුස්ම ටිකක් වෙලා හිර කරගෙන ඉන්නවා. එතකොටත් ඉක්කාව ඉබේම නවතිනවා. මේ ඉක්කාව නැති කරගන්න සමහර එක එක කෙම් ක්‍රම භාවිතා කරනවා. ඉතින් අපි එච්චර ඉක්කාව කියන ලෙඩේ ගණන් ගන්නේ නැහැ.



එත් දන්නවද මේ කරදරකාරී ඉක්කාව කියන ලෙඩේ අවුරුදු දෙකක් පුරාවට සුව කරගන්න බැරිවුන කෙනෙක් ගැන?

මේ කියන්න යන්නේ Christopher Sands නමැති අවුරුදු 25 ක එංගලන්ත ජාතික තරුණයෙක් ගැන. ඔහුට අවුරුදු දෙකක් පුරා ඔහුගේ ඉක්කාව සුව කරගන්න බැරි වුනා. ඔහු සංගීත අංශයෙන් ඉදිරියට අනාගතේ සකස් කරගෙන යන්න හීන බලපු ඉතා දක්ෂ තරුණයෙක් වුවද මේ කරදරකාරී ඉක්කාව නිසා ඒ කටයුතු වලටද බාධා වුනා.
ඒ වගේම ප්‍රේමවන්තියක් පවා ජිවිතයට ලං කරගන්න මොහුගේ තිබුන බලාපොරොත්තු සුන් වෙලා ගියා.



ඔහු මේ ඉක්කාව සනීප කරගන්න විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතා කළා. එංගලන්තයේ මෙන්ම ඇමරිකාව වැනි රටවල් ගණනාවකම විවිධ ප්‍රතිකාර ක්‍රම සිදු කර බැලුවත් ඉක්කාව සුව කරගන්න හිතට තිබුණු බලාපොරොත්තු පවා සුන් වෙලා ගියා.

ඔහු මානසිකව පීඩනය දරාගන්න බැරුව ජිවිතේ කළකිරුනද ඔහුගේ දෙමුපියන් වගේම යහළුමිත්‍රයින් ඔහුව අතහැරියේ නැහැ.
පසුව ඔහුව ජපානයේ රෝහලක් වෙත යොමු කළ අතර ඔහුව මෙහිදී පරීක්ෂණ ගණනාවකටම යොමු කරන්න සිදු වුනා. එහිදී එම වෛද්‍යවරුන් ඔහුගේ උගුර හා ආමාශය අතර 12mm පමණ ඉදිමුමක් එහෙමත් නැත්නම් මස් දල්ලක් තිබෙන නිසා මේ තත්වය සුව කරගන්න බැරි උන බව සොයාගත්තා.පසුව ඔහුව එංගලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කර මෙම මස් දල්ල ඉවත් කළා.



දැන් ඔහු ඒ කරදරෙන් මිදී ඔහුගේ අනාගතය ගොඩනගාගන්න මග සකස් කරගනිමින් ඉන්නවා. නමුත් වෛද්‍යවරුන් පැවසුවේ මෙම අසනීප තත්වය නැවත ඇති වෙන්න ඉඩ තියෙන බවයි
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top