කාන්තාවන්ගේ දිවි රැකදෙන තනපටය
Saturday, 06 May 2017 - 11:59 | Views - 57,821
පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිර්මාණය කිරීමට මෙක්සිකෝවේ තරුණයෙක් සමත්ව තිබෙනවා.

ජුලියන් රියෝස් නම් 18 හැවිරිදි මෙම තරුණයා තම මිතුරන්ගේ සහය ඇතිව මෙම නිර්මාණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

"ඉවා බ්‍රා" ලෙස නම්කර ඇති මෙම නිර්මාණයෙන් පිළිකාවක් ඇතිවීමට බලපාන සාධකයක්  පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් පවසන්නේ.  

මූලාකෘති තත්වයේ පවතින මෙම නිර්මාණයට ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මාන උළෙලේ පළමු ත්‍යාගය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නිර්මාණය අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල් මේවනවිටත් ලැබී ඇති බවයි එහි නිෂ්පාදකයින් පවසන්නේ.

සිය මවට පියයුරු පිළිකාවක් වැළඳී ඇයගේ පියයුරු යුවළ ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන් 18 හැවිරිදි ජුලියන් රියෝස් හට මෙම විශේෂ තනපටය නිපදවීමට අදහස පහළවී ඇති බවයි වාර්තා වන්නේ.

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත බවට විශ්වාස කෙරෙන මෙම විශේෂ තනපට ලබන වසරේ වෙළඳපලට නිකුත් කළහැකි බවයි  මෙහි නිර්මාණකරුවන් පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top