ආර්තවය අක‍්‍රමවත් වෙන්න බලපාන හේතු මෙන්න
Thursday, 13 December 2018 - 11:58 | Views - 5,037
ආර්තවය ස්වභාවික සංසිද්ධියක් ලෙස සැලකේ. සෑම යෞවනියක්, කාන්තාවක්ම වාගේ මෙම අත්දැකීමට මුහුණ දෙනු ලබන අතර, එය ආර්තවහරණ ක‍්‍රියාවලිය දක්වාම දිවෙන්නකි. මීට ඔසප්වීම, මාස් ශුද්ධිය ලෙස ද කියනු ලැබේ.
ආර්තවය සිදුවන්නේ දින 28 කට වරකි. එය චක‍්‍රයක් ආකාරයට සිදුවන බැවින් ඔසප් චක‍්‍රය කියාද හඳුන්වනු ලබති.

මෙය කෙබඳු ක‍්‍රියාවලියක්ද?
ස්ත‍්‍රී ප‍්‍රජනන පද්ධතිය හා සම්බන්ධ ක‍්‍රියාවලියකි. පිටියුටරි ග‍්‍රන්ථිය මගින් ඇතිවන උත්තේජනය හේතුවෙන් ඩිම්බ කෝෂයක ඇති ඩිම්බයක් (ස්ත‍්‍රී බීජයක්* මෝරා වැඞීම ඇරඹෙයි. මෙහිදී සිදුවන්නේ ඩිම්බයේ මුල් අවස්ථාව වන ග‍්‍රාපීය කූප මෝරා වැඞීමයි. වැඩුණු ග‍්‍රාපීය කූපයකින් හොඳින් මේරු ඩිම්බයක් මුදා හැරීම සිදුවන අතර  එය ඩිම්බහරණිය ලෙස හඳුන්වයි.

ඉහත ආකාරයට මුදාහරින ලද ඩිම්බය පැලෝපීය නාලය තුළට ඇතුළු වී ගමන් කරයි. මෙහිදී ස්වභාව ධර්මයේ අපේක්‍ෂාව වන්නේ පැලෝපීය නාලය තුලදී ඩිම්බය හා ශුක‍්‍රාණුව එක්ව (පුරුෂ බීජයක්* කළලයක් නිර්මාණය කිරීමයි.
මෙම අවස්ථාව ඩිම්බ සංසේචනය නම් වේ.

චක‍්‍රයක් ලෙස
පැහැදිලි ලෙසම මෙය චක‍්‍රයක් ආකාරයට සිදුවන බව පෙන්වාදිය හැකිය. එක් ආර්තවයක ආරම්භක දිනයේ සිට ඊළඟ ආර්තව දිනය තෙක් කාලය ආර්තව චක‍්‍රයක් ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් එක් ආර්තව චක‍්‍රයක් සඳහා ගතවන කාලය දින 28 කි.

කෙසේ වුවත් මෙම කාලය කාන්තාවකගෙන් කාන්තාවට වෙනස්වන අවස්ථා තිබේ. ඇතැම් අවස්ථාවල එක් කාන්තාවකගේ වුවද එක් ආර්තව චක‍්‍රයක සිට අනෙක් ආර්තව චක‍්‍රයට ඇති දින ගණන වෙනස්වන අවස්ථා තිබේ.

අක‍්‍රමවත් චක‍්‍රය
මල්වර වූ ආසන්නයේ බොහෝ යෞවනියන්ගේ ආර්තව චක‍්‍රයේ අක‍්‍රමවත් භාවයක් ඇතිවේ. මේ ආකාරයටම ආර්තව හරණය ආසන්න වන විටත් (ඔසප් නතරවීමට ආසන්න අවස්ථාවේ* ඔසප් වීම අක‍්‍රමවත්ය.

අධික සිත් වේදනාව, අධික බිය, අධික සතුට, කැලඹිලි සහිත හා ආවේගශීලී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවීම හේතුවෙන්ද, යම් යම් රෝග හේතුවෙන්ද ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් විය හැකිය.

ගර්භාෂ ගෙඩි, අධික තරබාරුව, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ද ඊට බලපෑම් කරන බව වෛද්‍ය පර්යේෂණයන් මගින් තහවුරු කර තිබේ.

හේතු කිහිපයක්
යුවතියන්ගේ හෝ කාන්තාවකගේ ඔසප් නතරවීමට බලපානු ලබන කරුණු කිහිපයකි. මින් ප‍්‍රධාන හේතුව වන්නේ දරු පිළිසිදීමක් ඇතිවීමයි. නොකඩවා කිරිදෙන මවකගේ ඔසප් වීම නතරවීමට ඉඩ තිබේ.

ඇතැම් පවුල් සැලසුම් ක‍්‍රම භාවිතා කිරීම නිසාද, ඔසප් නතර විය හැක. එයට හේතුවන්නේ ඩිම්බකෝෂ හා සම්බන්ධ ගැටලු පැවතීමයි. මෙවැනි අවස්ථාවක ආර්තවය නතරවීමට හේතුව නිසි අයුරින් හඳුනා ගැනීම පිණිස වෛද්‍ය උපදෙස් කරා යොමුවීම වැදගත්ය.

ඔසප් පිළිබඳ කතා කිරීමේදී සාමාන්‍යයෙන් දැනුවත් විය යුතු කාරණා බොහොමයකි. ඒ අතර ඔසප් දින ගණන වැදගත්ය.
Untitled-12
ඔසප් කාලය දින 3 – 5 ත් අතර කාලයකි. ඇතැම් විටක මෙය දින 1 – 2 හෝ 6 – 7 වන අවස්ථාද තිබේ. මෙය එක් එක් අයගේ සිරුරේ ස්වභාවය අනුව සිදුවන දෙයකි. මෙහිදී තමන්ට හුරු පුරුදු දින ගණනට වඩා රුධිරය වහනයක් වේ නම් ඒ ගැන උනන්දු විය යුතුය.

ඇතිවන අපහසුතා
* උදරයේ යට පෙදෙසේ වේදනාව
* කොන්ද කැක්කුම
* දනහිස් කැක්කුම
* වමනය
* බඩ පුරවා දැමීම
* හිස කැක්කුම
* වෙහෙසකර ගතිය

ආදිය ඇතිවීමට ඉඩ ඇත. මින් එකක් හෝ කීපයක් සමහර කාන්තාවන්ට අත්විඳීමට සිදුවේ. මෙම අපහසුතා වැඩිපුර දැනෙන්නේ ආර්තවයේ මුල් දින දෙක තුළදීය.

මෙහිදී වේදනාව දැරිය නොහැකි නම් වේදනා නාශකයක් (පැරසිටමෝල්* භාවිතා කළ හැකිය. ඉතාමත් කලාතුරකින් මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් වන කාන්තාවන්ද ඇත.

ආර්තවයට පෙර ඇතිවන අපහසුතා අතර පියයුරු බරගතිය, හිස සහ පපුවේ කැක්කුම, අධික මහන්සිය හා නුරුස්සනා ගතිය මුලිකය. මෙය පූූර්ව ආර්තව ආතතිය ලෙස හඳුන්වන අතර එය ස්වභාවික තත්ත්වයකි.

ඩිම්බහරණය
මෙය සිදුවන්නේ ආර්තව චක‍්‍රයේ දින 12 – 16 අතර කාලයේයි. ඩිම්බහරණය සිදුවන දිනයේ බොහෝ කාන්තාවන්ට උදරයේ යටි කොටසේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවීමට ඉඩතිබේ.

කලාතුරකින් කෙනෙකුට සුළු රුධිර වහනයක් ඇතිවීමටද ඉඩ ඇත. මේ කාලය තුළ යෝනි ස‍්‍රාවයන් වැඩිවීමක් දැකගත හැකි අතරම ලිංගික හැඟීම් උද්වීපනය වීමක් ඇතිවේ. සිරුරේ උෂ්ණත්වයද ඉතා සුළු මට්ටමකින් ඉහළ යනු ඇත.

මිත්‍යා විශ්වාස
ඇතැම් යෞවනියන් හා කාන්තාවන් ආර්තව දිනවල දියනෑම නොකරයි. එහෙත් දිය නෑම හෝ ඇඟ සේදීම විශේෂයෙන්ම කළයුතු දෙයකි.

යෝනි මාර්ගය අවට හා යෝනිය අවට රුධිරය වහනය වීම හේතුවෙන් වෙනදාට වඩා පිරිසිදුව තබාගත යුතුවෙයි. එපමණක් නොවේ. මෙම දිනවල දහඩිය දැමීම වැඩි අතර මුළු සිරුරම හොඳින් පිරිසිදුව තබා ගැනීම වැදගත්ය.
එමෙන්ම ආහාර පාන පිළිබඳව දක්වන බියක් තිබේ. එදිනෙදා ගන්නා කුමන ආහාර පානයක් ගත්තද එම කාලය තුළ වරදක් නැත. සිරුරෙන් ඉවත්ව යන රුධිරය, නැවත නිපදවීම සඳහා යකඩ හා ප්‍රෝටීන් අඩංගු පෝෂ්‍යදායි ආහාර මේ කාලයේ වඩා වැදගත්වේ.

එමෙන්ම මේ සඳහා භාවිතා කරන රෙදි හෝ සනීපාරක්‍ෂක තුවා ඉතා පිරිසිදු මට්ටමේ පැවතිය යුතුය. නොඑසේනම් යෝනි ප‍්‍රදේශයේ නොයෙකුත් ආසාදන ඇතිවිය හැකියි. මේ සඳහා සනීපාරක්‍ෂක තුවා භාවිතය සුදුසු අතර, ඒවා ඉවත ලීමෙදී සැලකිලිමත් වීම වැදගත්ය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top