මතක ශක්තිය වර්ධනයට අලුත්ම බෙහෙතක් සොයාගනී
Thursday, 04 May 2017 - 18:27 | Views - 8,907
මතක ශක්තිය වර්ධනය කිරීමට රෝස්මෙරි සුවඳ ඉවහල් වන බව අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
වාෂ්පශීලී සුවඳ තෙල් (essential oil) වශයෙන් ඇති රෝස්මෙරි සහිත කාමරයක් තුළ පරීක්ෂණයකට පෙනී සිටි සිසුසිසුවියන් 5% - 7% කින් වඩාත් සාර්ථක වී ඇති බවයි නෝතම්බ්‍රියා සරසවියේ ආචාර්ය මාක් මොස් ගේ ප්‍රමුඛත්වයෙන් පැවති එම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙන්නේ.
බටහිර ලෝකයේ ඉතිහාසය පුරාවට ද රෝස්මෙරි පැළෑටිය මතකය හා බැඳී තිබෙනවා.
පරීක්ෂණ අතරතුරදී රෝස්මෙරි මාලා පැළැඳීමට පුරාණ ග්‍රීක සිසුන් කටයුතු කිරීමත්, "රෝස්මෙරි ඇත, එය අනුස්මරණය සඳහා ය,” ලෙස ෂේක්ස්පියර් ගේ හැම්ලට් නාට්‍යයේ ඔෆීලියා විසින් පැවසීමත් මීට උදාහරණ ලෙස හුවාදක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.
Share This Article