සිය දරුවාගේ පාසල් ආහාර පෙට්ටියේ සැඟවී සිටි දරුණු විෂ සහිත සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියාවෙන් මෙම පුවත වාර්තා වන අතර ආහාර පෙට්ටියේ පියන යට රැඳී සිටියදී මවට මෙම සත්වයා හසු වී තිබෙනවා.
සර්පයා දැක ඇති අදාල කාන්තාව අනතුරෙන් බේරීම සඳහා ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ ආහාර පෙට්ටිය වසා නිවසින් බැහැරට ගෙනයන ලෙස සර්පයන් පාලනය කරන්නකු ඇයට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
සර්පයා හඳුනා ගැනීමෙන් පසු කිසිදු අනතුරකින් තොරව එම සත්වයා ඉවත් කිරීමට සර්පයන් පාලනය කරන්නා සමත්ව තිබෙනවා.
දුඹුරු පැහැති සර්පයා ලෝකයේ අතිශයින් විෂඝෝර සර්පයකු හැටියට සර්පයන් පාලනය කරන්නා විසින් හඳුනාගෙන ඇති බව සඳහන්.