දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ මෙන්න
Tuesday, 02 May 2017 - 14:37 | Views - 31,412
මේ වනවිට උපදින කුඩා දරුවගේ සිට මහළු අය දක්වා බොහෝදෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙයි. දියවැඩියාව කියන්නේ බොහෝ භයානකතම රෝගයක්. මේ රෝගය උත්සන්න වීමෙන් හෘද රෝග, වකුගඩු රෝග, තුවාල ඇති වුවහොත් අත්වල ඇඟිලි, පාදවල ඇඟිලි කපා දැමීමට වූවද සිදුවිය හැක. සමීක්ෂණ වාර්තාවලින් ඔප්පු වී තිබෙන්නේ මේ වනවිට දියවැඩියාව සෑදුණු පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයකුට තමාට දියවැඩියාව වැළඳි ඇතැයි නොදන්නා බවයි.

මේ ලිපියෙන් කියවෙන්නේ දියවැඩියාව වැළඳීමට පෙර මතුවන මූලික ලක්ෂණයි.

1. අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ වලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි. ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමටද අවශ්‍ය වේ. මෙම තත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක්ද ඇති වේ.

2. ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම

ඔබ බර අඩුකරගැනීම සදහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනයන් වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුල ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය. මාස හයක කාලයක් තුල ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්‍යය උපදෙස් ලබාගත යුතුවේ.

3. නිදන්ගත තෙහෙට්ටුව

ඔබට සෑම අවස්තාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියලීමයි. ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුල ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.

4. ඇස් බොදවීම

ඔබගේ ඇස් යම්කිසි අවස්ථාවන්හි බොදවනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි. මෙහිදී පටක තුල ඝණ රුධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවීම මගින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොදවනු ලැබේ.

5. තුවාල සෙමින් සුවවීම

තුවාල සෑදුනු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුවවීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි. රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි.

6. නිරන්තරයෙන් ආසාදන ඇති වීම

නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.

7. අත් සහ පාදවල හිරිවැටීම. දැවිල්ල සහ වේදනාව ඇති වීම

මෙම රෝග ලක්ෂණද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානිවීම මගින්ය.

8. සමෙහි ඇතිවන ක්ෂණික ගැටළු

දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම. කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top