"නංගි ඇළට බහින කොටම තබස් ගාලා සද්දයක් ආවා" - මුලංනටුව වැවේදී කිඹුලාට ගොදුරු වූ දැරියගේ සංවේදී කතාව
පසුගිය 27 වැනි දින සවස ගල්නෑව මුලංනටුව වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි දැරියක කිඹුලකු විසින් ගොදුරු කර ගැනීම නිසා මුළු ගමම කම්පාවට පත්ව තිබෙනවා.
මෙසේ කිඹුලකුට ගොදුරු වූයේ එස්.එම්. ගිම්හානි අනුෂිකා නමැති පාසල් දැරියයි.
තම නිවෙස පිටුපස පිහිටි ඇළ මංකඩට ඥාතීන් සමඟ දිය නෑමට ගිය ගිම්හානි දැරිය ඔවුන් සමඟ දිය නා සබන් ගෑමෙන් අනතුරුව හිස ෂැම්පු දමා සෝදා නැවත ඇළට බැසීමේ දී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණා.
එම අවස්ථාවේ ගිම්හානි දැරිය සමඟ දිය නෑ ඥාති සොහොයුරෙකු වන සචින්ත විභූෂිත සිද්ධිය මෙලෙස විස්තර කළා.
"අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි ලොකු අම්මයි ලොකු අම්මගේ දුවයි හැන්දෑවේ 6ට විතර ඇළට නාන්න ගියා. ලොකු අම්මා රෙදි හෝදමින් සිටියේ. ගිම්හානි නංගිට පිටි පස්සේ තාත්තා හිටියේ. ගිමිහානි නංගි ඔළුවේ ෂැම්පු ගාලා ඒවා හෝදන්න කියලා ඇළට බහිනවාත් එක්කම තබස් ගාලා සද්ධයක් ආවා. ඒ එක්කම නංගිගේ සෙරෙප්පු දෙක වතුරේ උඩට ආවා.
තාත්තා කීවා කවුද අඩු බලන්න කියලා. අපි කීවා ගිම්හානි නංගි අඩුයි කියලා. තාත්තා කෑ ගහගෙන ඒ වෙලාවේම වතුරේ බැලුවා. නංගි හිටියේ නැහැ. තාත්තා කෑ ගහමින් දුවගෙන ගිහිල්ලා බාප්පා එක්ක ආවා ටෝච් එකකතුත් අරන්. කොහේ බැලුවත් ගිම්හානි නංගි හිටියේ නැහැ. ඒ අයගේ කෑ ගැහිල්ලට ගමේ අය දුවගෙන ආවා. හැමතැනම බැලුවත් නංගි පෙනෙන්න හිටියේ නැහැ".
වසන්ත කුමාර සහ නිලන්ති රත්නායක යන මවුපිය යුවළගේ එකම දියණිය වූ ගිම්හානි අනුෂිකා අධ්‍යාපනය ලබමින් සිටියේ ගල්නෑව මහවැලි මහා විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේයි. ඇය අධ්‍යාපන කටයුතුවලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද මනාදක්‍ෂතාවක් දැක් වූ ශිෂ්‍යාවක බව ඇගේ අතුරුදන්වීමත් සමඟ ඇයව සෙවීමේ කාර්යයට උපකාර කරමින් සිටි එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් පවසා තිබෙනවා.
වීඩියෝ සහ ඡායාරූප පහතින් බලන්න