නින්දේදී ඔබේ ශරීරයට සිදුවන අමුතු අමුතු දේවල්
Wednesday, 05 December 2018 - 12:51 | Views - 1,592
නින්ද කියන දේ අපට අත්‍යවශ්‍ය දෙයක්. නින්ද ගැන බොහෝදෙනෙක් සිතා සිටින්නේ එය ඉතා සන්සුන් , සාමකාමී , ශාන්ත ස්වභාවයකින් යුත් දෙයක් ලෙසයි. එත් සෑම දිනකම අපි නිදාගෙන සිටින විට ශරීරයේ යම් ක්‍රියාවලියන් සිදුවන බව රහසක් නොවුවත් ඔබ මේ දේවල් දැන සිටියාද?

උගුර පටු වී ගෙරවීම..



අවදියෙන් ඉද්දි හුස්ම ගන්න විදිහට වඩා අපි නිදාගෙන ඉද්දි හුස්ම ගන්න විදිහ වෙනස්. ඊට හේතුව තමයි නින්දේදී අපේ ශරීරයේ මාංශපේශි ලිහිල් වීම. මෙයින් ඔබේ උගුරට හෝ වෙන කිසිම දෙයකට කිසිඳු හානියක් සිදුවන්නේ නැති නිසා මේ අවස්ථාව කිසිසේත් බය විය යුතු අවස්ථාවක් නෙමෙයි.සමහර අය නින්දෙන් ගොරවන්නේ මෙන්න මේ නිසයි.උගුර පටු වීම නිසා හුස්ම ගමනේදී තෙරපුමකින් තමයි ඒ ශබ්දය ඇති වෙන්නේ.

ශරීරය අප්‍රාණික වීම..



නින්දේ ගැඹුරුතම අවස්ථාව REM ලෙස හඳුන්වයි. මේ අවස්ථාවේදී ඔබේ මාංශපේශි තාවකාලිකව අඩපන වෙනවා. නමුත් ඔබට එය අමතක ඔබ ඒ අවස්ථාවේ තද නින්දේ සිටින නිසයි. මෙහිදී බොහෝ ක්‍රියාවලීන් ඔබේ ශරීරය තුල සිදු වනවා. නමුත් මෙය කිසිසේත් බය විය යුතු කාරණයක් නෙමෙයි. එය ඉතාමත් සාමාන්‍ය දෙයකි.

ශිෂ්ණය ප්‍රාණවත් වීම..



මවු කුස තුළ සිටම ඔබ මහලු වන තෙක්ම මේ සිදුවීමට සෑම පිරිමියකුම මුහුණ දෙනවා.මවු කුස තුලදීද මෙසේ සිදුවනවා.මෙය ඉතාමත් සාමාන්‍ය පොදු තත්වයකි. මෙසේ සිදුවීමට හේතු රාශියක් තියෙනවා. මහලු වියට පත්වෙනවත් එක්කම මේ සිදුවීම ක්‍රමයෙන් අඩු වෙලා යනවා.

ඇස් සෙලවීම..



මුලින් සඳහන් කළා වගේම නින්දේදී බොහෝ ක්‍රියාවලීන් ශරීරය තුල සිදුවනවා.එය ක්‍රියාවලීන් පහක් ලෙස වෙන් වනවා. මුලින් කියූ REM අවස්ථාව එහි අවසාන අදියරයි. ඉතා කාර්යක්‍ෂම අවස්ථාව එය නිසා එහිදී ඔබේ ඇස් ඉතා වේගයෙන් ඉදිරියට පිටුපසට ඇස්පිහාටු ගසනවා වගේම සමහරවිට ඇස් භාගයක් පමණ විවෘතව පවතිනවා. සමහරු නිදාගෙන ඇස් ඇරන් ඉන්නවා වගේ පෙන්නේ ඒ නිසයි.

එකවර තිගැස්සී ඇහැරීම..


මෙහිදී ඔබට දැනෙන්නේ කෙනෙක් ඔබව ස්පර්ශ කරනවා,නැත්නම් සොලවනවා හෝ ඔබ ප්‍රපාතයකට ඇදගෙන වැටෙනවා වගේ දෙයක්. මෙයද ඉතාමත් සාමාන්‍ය තත්වයකි.මෙහිදී සිදුවන්නේ ඔබේ බාහු යම් තිගැස්සීමකට ලක් වීම. එසේ ශරීරය තිගැස්සීමට නිශ්චිත හේතුවක් තවමත් විද්‍යාඥයින් පවසා නැහැ.


-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top