ස්කොට්ලන්තයේ, එඩින්බර්ග් නුවර පැවැත්වූ විශේෂ උත්සවයක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බෙල්තන් ෆයර් ෆෙස්ටිවල් ලෙස නම් කර ඇති මෙම උත්සවය ශීත කාලය අවසන් වී ගිම්හාන කාලය එළබීම සැමරීමට පවත්වන බවයි වාර්තා වන්නේ.
ශීත ඍතුවට අධිපති Green Man නම් දෙවියා මරා වසන්ත ඍතුවට අධිපති දෙවි කෙනෙකු ලෙස මැයි මාසයට අධිපතිත්වය දරණ May Queen සමග ඉපදවීම මෙම උත්සවයේ සංස්කෘතික ලක්ෂණයක් වනවා.
රාත්‍රී කාලයේ පවත්වන මෙම උත්සවය සදහා සහභාගී වැන්නන් අඩ නිරුවත්ව පන්දම් රැගෙන මේ සදහා එක්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
1980 වසරේ ආරම්භ කරන ලද මෙම උත්සයවවාර්ෂිකව පැවැත් වෙන බව සදහන්.
පසුගිය වසරේ පන්දම් සෑදීම සදහා යොදාගත් ලී පොලු මෙවර සැණකෙළියේ පන්දම් දැල්වීමට අවශ්‍ය ගින්දර මොලවා ගැනීම සදහා යොදා ගැනීම මෙම උත්සවයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්.
සැණකෙළිය සංවිධානය කළ සංවිධායකයින් පවසන්නේ මේවර සැණකෙළිය නැරඹීමට විශාල පිරිසක් පැමිණි බවයි.
මෙවර පැවති බෙල්තන් ෆයර් ෆෙස්ටිවල් පිළිබදව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති නව සදහන්.