කාන්තාවන්ගේ නළල් තලයේ හැඩයෙන් කියවෙන රහස් මෙන්න
Monday, 01 May 2017 - 10:18 | Views - 21,841
කාන්තාවන්ගේ විවිධ හැසිරීම් මෙන්ම දේහ ලක්ෂණ මගින්ද ඔවුන්ගේ ජිවීතය පිළිබඳව දැනගත හැක. මේ ලිපියෙන් කියවෙන්නේ කාන්තාවන්ගේ නළලේ හැඩයෙන් කියවෙන ජීවන රහස් පිළිබඳවයි.

ඉදිරියට නෙරා ගිය නළල්තලයක් සහිත කාන්තාවන්

මෙවැනි කාන්තාවන් හට ගැඹුරු බුද්ධියක් පිහිටයි. ඔවුන් ව්‍යාපාර කටයුතුවල යෙදෙයිනම් එම ව්‍යාපාර සාර්ථක කරගැනීමට හැකිය. විවාහය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. එතරම් කතාබහක් නැති මොවුන් තනියෙන් ජීවත්වීමට ප්‍රියතාවක් දක්වයි.හදිසි තීරණවලට එළඹෙන අතර ඉක්මණින් කෝපයට පත්වේ. නිතරම පාහේ හිසේ කැක්කුම්වලින් පීඩා විඳියි.

නළල් තලය හතරැස් හැඩයෙන් යුක්ත කාන්තාවන්

මෙවැනි කාන්තාවන්ට පුරුෂ ගතිගුණ පිහිටන අතර මැදිවියේදී තනිවීමට ඉඩ තිබේ. කෑම රසවත්ව පිළියෙල කිරිමට දක්ෂ අය වේ.

නළල් තලය ඉතා පටු කාන්තාවන්

මෙවැනි කාන්තාවන් ඉක්මණින් කෝපයට පත්වේ. විවාහය ද ප්‍රමාදයට පත්වේ. ගමන් බිමන් යාමට වැඩි ඇල්මක් දක්වයි. හදිසි අනතුරු හා සැත්කම්වලට මුහුණ දීමට සිදුවේ.

නළල යටට නෙරා තිබෙන කාන්තාවන්

මෙවැනි කාන්තාවන්ට ගැඹුරු බුද්ධියක් පිහිටන අතර ඉගෙනීමට දක්ෂවේ. නිතරම වැඩිදුර අධ්‍යාපනය සඳහා කැමැත්තක් දක්වයි. තනියෙන් ජීවත්වීමට කැමැත්තක් දක්වන අතර තම සැමියාව යටත් කරගෙන ජීවත් වීමට උත්සහ කරන බැවින් විවාහ ජීවිතයේදී ගැටළුවලට මුහුණදේ.

නළල් තලය දසවක තිථීයේ සඳමෙන් පිහිටි කාන්තාව ඉතා වාසනාවන්තය. එවැනි තරුණියන්ගේ විවාහය නියමිත වයසේදී සිදුවේ. ඔවුහු බොහෝ සැප විඳීති. වටිනා රථවාහනවලට හිමිකම් කියති. යහපත් දු දරුවන් ලබති. ඔවුන්ට ඉහළ තනතුරු ලැබේ. එවැනි කාන්තාවෝ පිනට දහමට ලැදිවෙති. එවැනි කාන්තාවන්ගේ සැමියා උගත් ප්‍රසිද්ධ කෙනෙකු බවට පත්වෙයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top