කාන්තාවන්ගේ හිඟය නිසා පිරිමින් ගැටළුවක
Monday, 01 May 2017 - 9:03 | Views - 2,615
නොර්වේ රාජ්‍යය සහ අයිස්ලන්තය අතර පිහිටා ඇති ෆැරෝ දූපතේ ජීවත්වන පිරිමින් මුහුණ දී ඇති අසාමාන්‍ය ගැටලුවක් පිළිබද වාර්තා වනවා.

එම දූපතේ කාන්තාවන් හිඟ වීම ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවන් හිඟ වීම හේතුවෙන් විවාහයන් සදහා තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට ෆැරෝ දුපත් වාසී පුරුෂයන් හුරුවී සිටින බවයි වාර්තා වන්නේ.

දැනට 300 කට වැඩි තායිලන්ත සහ පිලිපීන ජාතික කාන්තාවන් පිරිසක් ෆැරෝ දුපතේ වාසය කරන බව සදහන්.

දැනට ෆැරෝ දූපත් 18 තුළ ජිවත්වන සමස්ත ජනගහනය පනස් දහසක් පමණ වනවා.

අධ්‍යාපනය සඳහා විදෙස්ගතවන තරුණ පරපුර යළි සිය රට නොපැමිණීම හේතුවෙන් මෑතකාලයක සිට ෆැරෝ දූපත් ජනගහණය අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ෆැරෝ තරුණියන් බොහෝ විට විදෙස් රටවල වාසය කිරීමට තෝරා ගන්නා බව සදහන්.

ෆැරෝ දූපත් තුල දළවශයෙන් කාන්තාවන් ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා 2000ක් අඩුවෙන් පවතින බවයි වාර්තා වන්නේ.

එබැවින් ෆැරෝ පුරුෂයන්ට කාන්තාවන් සොයාගැනීමට දූපතෙන් පිට සොයාබැලීමට සිදුව තිබෙනවා.

සියල්ලන්ම නොවුනත් බොහෝ ආසියානු කාන්තාවන්ට ෆැරෝ සහකරුවන් අන්තර්ජාලය ඔස්සේ හමුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top