කාන්තාවන්ගේ හිඟය නිසා පිරිමින් ගැටළුවක
Monday, 01 May 2017 - 9:03 | Views - 2,616

නොර්වේ රාජ්‍යය සහ අයිස්ලන්තය අතර පිහිටා ඇති ෆැරෝ දූපතේ ජීවත්වන පිරිමින් මුහුණ දී ඇති අසාමාන්‍ය ගැටලුවක් පිළිබද වාර්තා වනවා.
එම දූපතේ කාන්තාවන් හිඟ වීම ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාවන් හිඟ වීම හේතුවෙන් විවාහයන් සදහා තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට ෆැරෝ දුපත් වාසී පුරුෂයන් හුරුවී සිටින බවයි වාර්තා වන්නේ.
දැනට 300 කට වැඩි තායිලන්ත සහ පිලිපීන ජාතික කාන්තාවන් පිරිසක් ෆැරෝ දුපතේ වාසය කරන බව සදහන්.
දැනට ෆැරෝ දූපත් 18 තුළ ජිවත්වන සමස්ත ජනගහනය පනස් දහසක් පමණ වනවා.
අධ්‍යාපනය සඳහා විදෙස්ගතවන තරුණ පරපුර යළි සිය රට නොපැමිණීම හේතුවෙන් මෑතකාලයක සිට ෆැරෝ දූපත් ජනගහණය අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ෆැරෝ තරුණියන් බොහෝ විට විදෙස් රටවල වාසය කිරීමට තෝරා ගන්නා බව සදහන්.
ෆැරෝ දූපත් තුල දළවශයෙන් කාන්තාවන් ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා 2000ක් අඩුවෙන් පවතින බවයි වාර්තා වන්නේ.
එබැවින් ෆැරෝ පුරුෂයන්ට කාන්තාවන් සොයාගැනීමට දූපතෙන් පිට සොයාබැලීමට සිදුව තිබෙනවා.
සියල්ලන්ම නොවුනත් බොහෝ ආසියානු කාන්තාවන්ට ෆැරෝ සහකරුවන් අන්තර්ජාලය ඔස්සේ හමුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article