අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න පුළුවන් සරල ක්‍රම
Thursday, 29 November 2018 - 15:53 | Views - 6,527
ගොඩක් තරුණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ  රෝම වැඩිම. මේ නිසා මුහුණට අඳුරු පැහැයක් වගේම හරියට මේක්අප් එකක්වත් කර ගන්න බැරුව යනවා. මේ දේවල් නිසි ආකාරව ඉවත් කර ගන්න යන්න තියෙන එකම තැන තමයි රූපලාවණ්‍යාගාරය. හැබැයි ඉතිං ඒ සඳහාත් සැලකිය යුතු මුදලක් වියදම් කරන්නට සිදු වෙනවා. ඒ විදිහට  ත්‍රෙඩින් කරන එකත් ලේසී පහසු වැඩක් නෙමෙයි.

 ඉතිං අපි හිතුවා මේකට විසඳුමක් ඔබටම ලබා ගත හැකි ක්‍රමයක් ගැන කියන්න. මේ හැම ක්‍රමයක්ම ඉතාමත් ස්වාභාවිකයි. ඒ වගේම තමයි ඔබට ඉතාමත් ලෙහෙසියෙන පහසුවෙන කර ගන්නත් පුළුවන්. දැන් අපි කියන්නම් ඒ කොහොමද කියලා.

 සිනි සහ මි පැණි

 විදුරු බෝල් එකකට සිනි මේස හැඳි 3ක් සහ මි පැණි මේස හැඳි 1ක් දමා විනාඩි 3ක් පමණ එය මයික්‍රවේව් කරගන්න.

නැතිනම් සිනි හොඳින් දිය වනතුරු මද වෙලාවක් රත් කරගන්න. ඉන්පසු එයට ලෙමන් යුෂ තේ හැඳි 1ක් එක්කර සිසිල් වීමට තබන්න.

එය මදක් සිසිල් වූ පසුව රෝම ඇති තැන ආලේප කර කොට්න් රෙදි කැබැල්ලක් එයට උඩින් තබා රෝම වැවුණු දිශාවට විරුද්ධ දිශාවට අදින්න. එසේ කිරීමෙන් පසු සිතල වතුරෙන් මුහුණ සෝදා පසුව මොයිස්චර්යිසර් ආලේප කරන්න.

බිත්තර සුදු මදය
බිත්තරයක සුදු මදය වෙන්කරගෙන මුහුණේ ආලේප කර එයට උඩින් තීරු වලට ඉරාගත් ටිෂු අලවගන්න. නැවත එයට උඩින් බිත්තර සුදු මදය ආලේප කර හොඳින් වියලෙන තුරු විනාඩි 15-20ක් පමණ තබාගන්න. ඉන්පසු ටිෂූ ඇද ඉවත් කරගන්න. මෙම ක්‍රමයෙන් ඝනව වැඩුණු රෝම ඉවත් කරගත නොහැක.

කහ
කිරි මේස හැඳි 3කට කහ කුඩු මේස හැඳි 1ක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි කිහිපයක් හොඳින් මසාජ් කරගන්න. එය හොඳින් වියලුනු පසු ඇඟිලි තෙත් කරගෙන රෝම වැවුණු විරුද්ධ දිශාවට පිරිමදින්න. එසේ කිරීමෙන් පසු සිතල ජලයෙන් මුහුණ සෝදා දමන්න.

කඩල පිටි
බෝල් එකකට කඩල පිටි මේස හැඳි 1ක් දමා එයට කහ තේ හැඳි 1/2ක් එක්කර කිරි ස්වල්පයක් හෝ වතුර දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර හොඳින් වියලීමට හරින්න. පසුව ඇඟිලි තුඩු ජලයෙන් තෙත් කරගෙන රෝම වැවුණු විරුද්ධ දිශාවට ස්ක්‍රබ් කරන්න. අවසානයේ සිතල ජලයෙන් මුහුණ සෝදාහරින්න.

ජෙලටින්
බෝල් එකකට ජෙලටින් මේස හැඳි 1ක් දමා එයට කිරි මේස හැඳි 1½ ක් පමණ එක්කර ජෙලටින් මදක් ඝන වනතුරු උණු වතුර කෝප්පයක විනාඩි කිහිපයක් ගිල්වා තබන්න.

ඉන්පසු රෝම ඇති තැන් වල එය ආලේප කර හොඳින් වියලුනු පසු ඇද ඉවත් කරගන්න. පසුව සිතල ජලයෙන් මුහුණ සෝදාහරින්න. මේ ක්‍රමයෙන් ඔබට බ්ලැක්හෙඩ්ස් / වයිට්හෙඩ්ස් ද ඉවත් කරගන්න පුළුවන්.

වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මුහුණේ ආලේප කිරීම

කහ කියන්නේ හිමාලයේ සරුවට වැවෙන අතීතයේ පටන් කාන්තාවන් රුව වැඩිම සදහා භාවිතා කරපු විශ්මිත ඔසුවක්. ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ද වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මිශ්‍ර කරලා මුහුණ මත පැක් එකක් විදියට යොදා ගන්න පුළුවන්.

 මෙමගින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරනවා. එක දිගටම භාවිතා කර ගෙන යන කොට මුහුණ මත අනවශ්‍ය රෝම වැවීම සම්පුර්ණයෙන්ම නතර කරනවා. මේක ගොඩක් තරුණ කාලෙම ඉදලා කරන්න පටන් ගත්තොත් ගොඩක් හොද ප්‍රතිපල ලබන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මුහුණ සුදූ කර ගනන් පුළුවන්

කඩල පිටි සමග වියලි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට මිශ්‍ර කර මුහුණේ ගාන්න

කඩලපිටි කියන්නේත් ඔන්න ඔබේ මුහුණේ අනවෂ්‍ය රෝම වැවීම පාලනය කරන්න පුළුවන් දෙයක්. මෙයට වියලි කහ කුඩු මිශ්‍ර කරලා දෙහි යුෂත් එක්ක මුහුණේ ගාන්න.

ඊට පස්සේ මුහුණේ මත ගාපු මේ ආලේපනය වෙලුනාට පස්සේ උණුසුම් ජලයේ පොගවා ගත් තුවායක් භාවිතා කරලා රවුමට රවුමට මුහුණ පිරිමදිමින් ඉවත් කර ගන්න. කඩල පිටි මගින් මීට අමතරව ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.

බිත්තර සුදු මද සිනි හා ඉරිගු පිටි සමග මිශ්‍ර කර ගාන්න

බිත්තර සුදු මද සමග සිනි හා ඉරිගු පිටි අවශ්‍ය ප්‍රමානයට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. හොදින් වෙලුනාට පස්සේ මද උණුසුම් තෙත තුවායක් මගින් හෝ ඔබේ තෙත් කර ගත් ඇගිලි වලින් ආලේපනය ඉවත් කර ගන්න.මෙම මිශ්‍රනය මුහුණ මත ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතා හොදින් පවිත්‍ර කරනවා.

පැපොල් හා මයිසුර් පරිප්පු

පැපොල් ඝනට හොදින් බ්ලෙන්ඩර් කරගෙන එකට එකතු කර ගන්න මයිසුර් පරිප්පු (කඩල පරිප්පු ) කුඩු කරලා. මේ මිශ්‍රනය දිගටම භාවිතා කිරීම තුලින් මුහුනේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කරලා පසුව සදහටම නවත්ත ගන්න පුළුවන්.

එහෙනම් ඔබ තව දුරටත් ශරීරයට අහිතකර හා වියදම් අධික කෘතීම සත්කාර ක්‍රම වලට යොමු විය යුතුද නැද්ද කියලා තීරණය කිරීම ඔබ සතුයි
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top